ලෝක විෂය හා එය ඉක්මවීම
මේ ලෝකයේ කිසිවෙකුත් විසින් සිතා නිම කළ නොහැකි .සිතන්නා උමතු භාවයට පත් කල හැකි විෂයන් සතරෙකි. ඒවා නම් කර්ම විෂය , ලෝක විෂය , සත්ව විෂය හා බුද්ධ විෂයයි. ඉහත විෂයයන් තථාගතයන් වහන්සේ විසින් පමනක් සිතා නිම කිරීමට හැකි වන සර්වඥතා ඤාණයට පමණක් ගෝචර වන කරුණු වේ.තථාගතයන් වහන්සේ බෝධි මූලයේදි මැනවින් අවබෝධ කර ගත් ලෝක ධර්මතාවය මැනවින් පිඩුකොට ලෝකයේ දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් දෙසා වදාරන ලදී. ඒ දේශනා කර්ම වේදය නම් වර්තමාන කාලයේ විද්‍යාඥයෙකු තමා විසින් සිදු කරන ලද විද්‍යාත්මක සොයාගැනීමක් ලෝකයට ඉදිරිපත් කරනා ආකාරයට සමාන වේ.
තථාගතයන් වහන්සේ අරිය පරියේසන සූත්‍රයේදි මේ ලෝකයේ පර්යේෂන දෙකක් ඇති බව දක්වා වදාල සේක.
1) තමා නැසෙන සූළ්ව , මිය යන සුළුව , දිරන සුලුව සිටිමින් තවත් එවැනිම නැසෙන සුලු සොයාගැනීම් සිදු කිරීම - අනාර්ය පර්යේෂණ
2)තමා නැසෙන සුළුව , මිය යන සුලුව , දිරා පත් වන සුළුව සිටිමින් නොමැරෙන සුළු නොදිරා යන සුලු සොය ගැනීම් සිදුකිරීම. - ආර්ය පර්යේෂණ.
වර්තමාන ලෝකයේ දිනපතාම නව සොයාගැනීම් සිදුවේ . ඒ සොය ගැනීම් සිදු කරන විද්‍යාඥයන් ඒ සොය ගැනීම් ලොවට ඉදිරිපත් කරන ආකාරය සරලව පහත පරිදි වේ.
කිසියම් සොයාගැනීමකට මුල් වන්නේ ගැටළුවකි. ගැටළුවක් නැත්නම් සොයාගැනීමක් අනවශ්‍ය වේ. ඒ නිසා පලමුව ගැටළුව හදුනාගෙන එය සදහන් කරනු ලබයි.
ඉන් පසු ඒ ගැටළුව ඇතිවීමට හේතු පාදක වූ කරුණු බුද්ධිමය චින්තනය මත පදනම්ව උපකල්පනය කරනු ලබයි. මෙය විද්‍යඥයාගේ බුද්ධි ඵලය හා දැනුම මත තීරණය වන්නකි.
ඉන්පසුව පාලක හෝ අවශ්‍ය නම් පාලිත පරීක්ෂණ සිදු කරමින් තමා කල උපකල්පන තහවුරු කර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකරයි.
මෙය පරීක්ෂකයාගේ දක්ෂතාවය හා භාවිතා කරන උපකරණ වල නිරවද්‍ය තාවය මත රදා පවතින්නකි.
තහවුරු වූ උපකල්පන ලෝකයේ පවතින සන්විධානය කළ බුද්ධිය හා සසදමින් විද්‍යාඥයා විසින් වාදයක් ගොඩනගයි.
එම වාද දිගු කලක් හෝ යම් කාලයක් තුළ තවත් විද්‍යාඥයන්ගේ පර්යේෂණ මගින් සනාධ වේ නම් එය නියමයක් ( සත්‍යයක් ) ලෙස පිළි ගැනේ.
ලොව පවතින සෑම විද්‍යාත්මක නියමයක්ම මේ ලෝකයේ පවතින ගැටළුවක් නිරාකරණය පිණිස විද්‍යාඥයෙකුගේ කපෝලයෙහි පතනය වූ උපකල්පනයකි. එලෙස තහවුරු වී වර්තමාන විද්‍යාවේ දියුණුවට දායක වූ ප්‍රපන්ච කිහිපයක් පහත දැක්වේ.
පරිණාමවාදය.- චාල්ස් ඩාවින් හා රසල් වොලස් විසින් ඉදිරිපත් කරන ලද ලෝකයේ ජීවීන්ගේ සිදුවන විකරණ මගින් නව ජීවීන් බිහි වීම.. මෙය වර්තමානයේ නියමයක් ලෙස පිළි ගැනේ
නිව්ටන් නියම , ෆැරඩේ නියම , සාපේක්ෂතා වාදය
මේ සියලු සොයා ගැනීම් නැසෙන සුළුවූ අනාර්ය පර්යේෂණ වල ප්‍රතිඵල වේ. බුදු රජාණන් වහන්සේ විසින් සොය ගන්නා ලද්දේද විද්‍යාත්මක සොය ගැනීමකි . එය බුදු රජානන් වහන්සේ චතුරාර්ය සත්‍යය ලෙස ලොවට ඉදිරිපත් කළ සේක.
පලමුව ගැටළුව වූ දුක හදුනාගෙන පළමු නියමය ලෙස ඉදිරිපත් කරයි.
1) පළමු නියමය. - ලෝකය දුකකි. ( මෙය විස්තරාත්මක වශයෙන්ද ප්‍රභේදාත්මක වශයෙන්ද විග්‍රහ කරනු ලබයි. )
2)දෙවන නියමය - දුකට හේතුවක් ඇත. එය තණ්හාවයි ( ඉන් පසු තණ්හාව හා එහි ප්‍රභේදාත්මක විග්‍රහයයි. මීට අමතරව වාදයේ පරිපූර්ණත්වය හා අවබෝධය පිනිස හේතු ඵල වාදය දීර්ඝ ලෙස අභි ධර්මයේ පරමාර්ථ විග්‍රහ කරමින් දේශනා කර තිබේ )
3)තුන්වන නියමය - දුකින් මිදීමක් ඇත. එයනම් තණ්හාවේ සමුච්ඡේද ප්‍රහාණයයි. තණ්හාව සමුච්ඡේද ලෙස ප්‍රහාණය කළ හැක.
(මෙය ප්‍රථමව දීර්ඝ ලෙස දේශනා කරනු ලැබු තථාගතයන්ගේ බහු විධ හේතු ඵල න්‍යාය මත පදනම්ව ඉදිරිපත් කරන තර්කමය න්‍යාය වේ. )
4)සතරවන නියමය. - දුකින් මිදීම පිණිස එකම මාර්ගයකි. එනම් ආර්ය අෂ්ටාන්ගික මාර්ගය වේ.( ශ්‍රී සද්ධර්මයේ අති බහුලව විග්‍රහ කොට ව්‍යාකරණය කරනු ලබන්නේ මේ මාර්ගයයි )
ඉහත තුන් වන හා සතර වන න්‍යායන් ඇතැමුන්ගේ විවේචනයයට බදුන් වී ඇත. ඔවුන්ගේ පැණය නම්. දුකින් මිදීමේ මාර්ගය තුන්වනුව ඉදිරිපත් කර දුකින් මිදීම සතරවනුව ඉදිරිපත් කළයුතු බවයි.
එහෙත් එවැනි මතයක් හටගන්නේ බුදු දහම හා විද්‍යාව යන දෙකම නොදන්නා කමිනි. චතුරාර්‍ය සත්‍ය වනාහි අනුගමනය කළයුතු මාර්ගයක් නොව තථාගතයන්ගේ ලෝක විෂය පිළිබද න්‍යාය ධර්මය බව මුලින්ම දැනගත යුතුය. අනුගමනය කළයුතු මාර්ගයන් ආර්ය අෂ්ටාන්ගික මාර්ගයට අදාළව දක්වා ඇත. ඒවා අනුලෝම වශයෙන් අනුගමනය කළයුතු අනුපූර්ව ශික්ෂා ලෙසද ( උදා: ශීල > සමාධි > ප්‍රඥා , සප්ත විශුද්ධි )
තමා තුළ වැඩිය යුතු ගුණ ධර්ම ලෙසද (උදා ; සප්ත බොඣ්ඣන්ග ) බහුල ලෙස සූත්‍ර පිටකය පුරා දක්වා තිබේ.
එහෙත් චතුරාර්ය සත්‍ය න්‍යාය ධර්මය වේ.
දුක්ඛ සත්‍යය පිළිපැදීම කළ නොහැක එය අවබෝධ කළ යුතු සත්‍යයකි. ඒ සදහා උප න්‍යාය වන අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ලෝක ත්‍රිලක්ෂණය විස්තරාත්මකව දේශනා කරනු ලැබ තිබේ.වැඩිය යුතු සත්‍ය නම් මාර්ග සත්‍යයයි. එය සතර වනුව වඩාත් විස්තරාත්මකව දේශනා කර ඇත. ( ත්‍රිශික්ෂා , සත්තබොඣ්ඣන්ග, සප්ත විශුද්ධි , සතර සතිපට්ඨාන ඇතුළු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම )
මේ ආකාරයෙන් ලෝකයට දේශනා කළ ධර්මයේ කෙළවර නම් නොනැසෙන සුලු අජරාමර සන්ඛ්‍යාත නිර්වාණයයි. ඒ සොයාගැනීම සදහා කාලය ලෙස සාරාසන්ඛ්‍ය කල්ප ලක්ෂයක්ද අතිරේකව සය වසරක්ද ගතවිය.නිර්වාණය නම් ඒ කාලය තුළ සිදුකල ආර්ය පර්යේෂණයේ නිෂ්ටාවයි .
දැන් අප ඉහත සන්සිද්ධිය විවෘතව විමසා බලමු. බුදුරජාණන් වහන්සේ වෙනුවට පර්යේෂකයාගේ ස්ථානයට විද්‍යාඥයෙක් ආදේශ කරමු. ඔහු මරණයෙන් ගැළවීමට ඕෂධයක් නිර්මාණය කරයි. දීර්ඝ කාලයක් වෙහෙස වීමෙන් ඔහු බෙහෙත සොය ගනියි. ඔහු මරණයට හේතුව ලෙස සතුන් තුළ ඇති රෝගයක් දකියි. වියපත් වීම ජරාවට පත්වීම ඒ රෝගය නිසා සිදුවේ. බෙහෙත සොයාගත් ඔහු එම බෙහෙත ඉදිරිපත් කරන විට සියලු මිනිසුන් ලෙඩුන් බවත් ඊට ඔසුව මෙය බවත් ප්‍රකාශ කරයි. එවිට අනුවණයෝ ඔහුට සිනාසෙනු ඇත. තම ලෙඩුන් නොවෙන බවත් ලෙඩේ ඔහුට ඇති බවත් පවසනු ඇත. එහෙත් ඔවුහු බලා සිටියදී වියපත්වී මිය යති.
නුවණැත්තේ එය සොයාගත් කර්ම විධිය ප්‍රශ්න නොකර එය භාවිතා කරයි. විද්‍යාඥයා "මේ ක්‍රියා වලින් වලකින්න එය ඔසුවේ ක්‍රියාවලියට නිශේධකයකි , මේ ක්‍රියා කරන්න එය ඔසුවේ ක්‍රියාවට උත්ප්‍රේරකයකි. "ලෙස කරුණු නිර්දේශ කරයි. බුද්ධිමතා එය අනුගමනය කරනුයේ යම් මොහොතක තමා අමරණීය වූයේ යැයි දැන ගනී.සොයා ගත් තැනැත්තාට ප්‍රශන්සා කරයි.
ඇතමෙක් එම සොය ගැනීම සැක කරයි. ප්‍රශ්න කරයි. එය යහපති විද්‍යාඥයාද තමාගෙ ක්‍රියා පටිපාටිය ගැන නිබන්ධනය ඉදිරිපත් කරනු ඇත. එහෙත් එය අවබෝධ කර ගැනීම සියල්ලන්ටම හැකි නොවේ . දුශ්කර වේ. එලෙස අවබෝධ කරගන්නන් අජරාමරත්වය ලබන්නේ පසුකාලීනවය. ඇතැම් විට ඒ පණ්ඩිතයන් තවත් එවැනි බෙහෙත් නිර්මාණය කළ හැක.
ලෝකයේ බුදු කෙනෙකුන්ගේ හා ශ්‍රී සද්ධර්මයේ පහළ වීමට අදාළ සන්සිද්ධිය මීට පර්යාය වේ. තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් තහවුරු වූ ඒ අජරාමර ඕෂධය අදද ලෝකයේ විද්‍යමාන වේ. එය භාවිතා කිරීම වනාහි විඤ්ඤූන්ටම අයත් කාර්යයකි.
වෙජඣුපමො ජිනවරො - ගෙලඤඤොව පුථුජජනා
රෝගුපමො කිලේසොව - සදධමමො ඔසධුපමො
තෙරුවණ් සරණයි!
ReplyDelete