ප්‍රමාණාත්මක විශ්ලේෂණය.

දානය


දානය දස පුණ්‍ය ක්‍රියා වලින් පළමුවැන්නයි. දානය මගින් පුද්ගලයාට කුසලයක් අත්වේ. ඒ කුසලයේ විපාක දිට්ඨ ධම්ම වශයෙන් මෙලොවදීද උපපජ්ජ වේදනීය හා අපරාපරිය වේදනීය ලෙස පරලොවදීද ලැබේ. දානයේ විපාක මනුෂ්‍ය ලෝකයේදි මෙන්ම දෙව්ලොවදීද ලබාදෙයි. දෙව් ලොව ඉපදීමේ සෝපානයක් ලෙස දානය හැදින්වේ. නමුත් මේ දානය එය ලබාදෙන විපාක වල තීව්‍ර භාවය අනුව ප්‍රභේද කළ හැක්කේය. එසේම දානයේ විපාක දෙන ස්වභාවය අනුවද ප්‍රභේද ඇත. මෙහිදි දානයේ විපාකයේතීව්‍රභාවයට බලපාන සාධක පළමුව සලකා බලමු.


 දක්ෂිණා විභන්ග.වලින් දායකයාගේ හා ප්‍රතිග්‍රාහකයාගේ සීලය මත දාන විපාකයේ මහත්ඵල භාවය රදාපවතී. ඒ අනුව සීලය මත පදනම්ව දාන විපාකයේ තීඑව්‍රතාවය අවරෝහණ පිළිවෙලට මෙසේය.


1)සිල්වත් දායකයෙකු විසින් සිල්වත් ප්‍රතිග්‍රාහකයෙකුට දෙන දානය මහත්ඵල මහානිසන්ස වේ.


මෙහිදී දායකයාගේ සීලය හා ප්‍රතිග්‍රාහකයාගේ සීලය අනුව දාන විපාකයේ තීව්‍ර භාවය රදාපවතී.
සීලය , පන්චසීලයේ සිට උපසම්පදාසීලය තෙක් විචලනය වේ. 

2)සිල්වත් දායකයෙකු විසින් දුසිල්වත් ප්‍රතිග්‍රාහකයෙකුට දෙන දානය.


3)දුසිල්වත් දායකයෙකු විසින් සිල්වත් ප්‍රතිග්‍රාහකයෙකුට දෙන දානය


4)දුසිල්වතෙක් දුසිල්වතෙකුට දෙන්නාවූ දානය


දානය නම් වූ ක්‍රියාවට ප්‍රපන්ච තුනක් බලපායි. ඒවානම් 

1. දායකයා
2.ප්‍රතිග්‍රාහකයා
3.දානවස්තුව
 ඉහත දේශනාවේ මින් පළමු සාධක දෙක මත දාන විපාකය රදාපවතින බව දේශිතය. දානයෙන් රැස්වන්නේ කර්මයකි. කර්මයේ ප්‍රබලත්වය දායකයා හා ප්‍රතිග්‍රාහකයා මත පරායත්ත වේ. දායකයාගේ සීලය හා ප්‍රතිග්‍රාහකයාගේ සීලය සන්යුත්තව කර්මයට බලපායි.කර්මය අයත්වන්නේ ක්‍රියාව කරනු ලැබූ දායකයාටය


P(d) =කර්ම විපාකයේ තීව්‍රතාවය. (පුණ්‍ය ඒකක )

D(s)=දායකයාගේ සීලය ( ශීල ඒකක)
R(s)=ප්‍රතිග්‍රාහකයාගේ සීලය(ශීල ඒකක )

ඒ අනුව කර්ම විපාකයේ තීව්‍රතාවය දායකයාගේ හා ප්‍රතිග්‍රාහකයාගේ සීලයේ ගුණිතයේ ශ්‍රිතයකි. මෙම සම්බන්ධය කුමන ආකාරයේ දැයි සෙවීමට මාන විශ්ලේෂණය කළ යුතුය. ඒ අනුව සීල ඒකක හා කර්ම ඒකක මාන අතින් අසමාන බැවින් මෙය සමානුපාතයකි. මෙහිදී ශ්‍රිතය වඩාත් සම්පූර්ණ කරනු පිනිස n බලය යොදනු ලැබේ. n යනු 0 නොවන අවස්ථවෝචිත නියතයකි


දක්ෂිණා විභන්ග මගින් පෙන්වන්නේ දායකයා හා ප්‍රතිග්‍රාහකයා යන සන් රචක දෙක අනුව පමනක් කර්ම විපාකයේ විචලනයයි. තුන්වන සන් රචකය වන දාන වස්තුව මතද විපාකය රදා පවතින බව නිසැකය. එය දායකයාගෙන් හා ප්‍රතිග්‍රාහකයාගෙන් ස්වායත්තව දානයේ විපාකයට බලපාන බව වටහාගත හැකිය.
කොසොල් මහරජු දුන් අසදෘශ දානයේ විපාක බහුල වීම. 
දානපති යන්නෙන් තමාගේ පරිභෝජනයට වඩා උතුම් දේ දෙන්නන් හැදින්වීම.
මගින් මෙය වඩාත් තහවුරු වේ.
කෙසේ වුවද දානවස්තුව මහත් වූ පමණින් හෝ එහි වටිනාකම ප්‍රයෝජනය වැඩි වූ පමණින් දානය මහත්ඵල නොවේ. එයද දායකයා මත රදා පවතී.
" දිලින්දාගේ කහවණුවක් දීම ධනවතා දහසක් දීම සමයැයි" තථාගතයන් වහන්සේ වදාලහ

 එසේම " මනාප දේ දෙන්නා මනාප දේ ලබයි " ලෙසද උග්ග සූත්‍රයේ දේශිතය. මේ දේශනා අනුව  දාන වස්තුවේ ප්‍රමාණය ධන ගුණිතයකින් වැඩි කරයි. මේ  "e" ගුණිතය දායකයාගේ හැකියාව , ධනය ,බලය මත රදා පවතින පෞද්ගලික නියතයකි.
 Q=දාන වස්තුවේ ප්‍රමාණය ( වස්තු ඒකක ) මෙහිදී දාන වස්තුව එහි බරින්, ස්කන්ධයෙන් හෝ මූල්‍යමය වටිනාකමින් නොව අවස්ථාවෝචිත නිරපේක්ෂ ඒකකයකින් මනිනු ලැබේ.


e=පෞද්ගලික නියතය

දැන් දානය නම් වූ ක්‍රියාවට සහභාගිවන් සන්ඝටක තුනේම බලපෑම අන්තර්ගත කර අවසන්ය. එහෙත් දාන විපාකය රදාපවතින්නේ දායකයාගේ සීලය මත පමණද සමාධිය හා ප්‍රඥාවට කුමක් වේද? කර්මය දායකයාගේ නිසාම කර්ම විපාකය ලැබීමේ වගකීමද ඔහු සතුය. අටුවාවේ මෙවැනි ප්‍රශ්නයක් මතු කරයි.
 සැරියුත් හිමියන් බුදු හිමියන්ට දානයක් දෙයි. බුදු හිමියන් සැරියුත් හිමියන්ට දානයක් දෙයි. වඩාත් මහත්ඵල වන්නේ කුමන දානයද?
 සත්‍ය වශයෙන්ම දෙදෙනා වහන්සේටම අල්ප මාත්‍ර කුසලයක්වත් අත් නොවේ. එහෙත් සේ වේ යැයි උපකල්පනය කරන්නේ නම්. තථාගතයන්ට වඩා උසස් ප්‍රතිග්‍රාහකයෙකු නැත. එසේම සැරියුත් හිමියන්ද මහත් සිල්වත්ය. 

මෙයට පිළිතුර නම් බුදු හිමියන් දෙන දානයම වඩාත් මහත්ඵල වන බවයි. එමගින් දායකයාගේ ගුණයන් දානයේ විපාකයට නැවත බලපායි.
D(g)= දායකයා සතු වෙනත් ගුණ , ( දානය දෙන මොහොතේ, දීමට පෙර හා දුන් පසු සිත ක්‍රියා කරන ආකාරය)m>0
සමානුපාත නියතය K නම්

  • K නියතය රදා පවතින සාධක 


  1. ප්‍රතිග්‍රාහකයාගේ වෙනත් ගුණ( සීලයෙන් පරිබාහිර)
  2. දායකයාගේ චේතනා



මේ එක් දායකයෙකු එක් ප්‍රතිග්‍රාහකයෙකුට දෙන දානය උදෙසා ව්‍යුත්පන්න වූවකි ප්‍රතිග්‍රාහකයන් Nසන්ඛ්‍යාවක් වේ නම්
N=ප්‍රතිග්‍රාහකයන් සන්ඛ්‍යාව
R(s)=මධ්‍යන්‍ය සීලය ( සීල ඒකක)


සාන්ඝික දානයේ විපාක අනන්ත අප්‍රමේය බව තථා ගතයන් වහන්සේ වදාළහ. ඒ අනුව ඉහත සන්ඛ්‍යාව යනු සාන්ඝික දානයේදී එතැන සිටින භික්ෂූන් ගණන නොවේ. අපරිමිත වූ සැරියුත් මුගලන් හිමි වරුන්ගේ සිට අවසන් කාඅසාවකන්ඨකයා තෙක් පුද්ගලයන්ය. එනිසා සන්ඛ්යාව මහත් වේ.
එසේම සන්ඝයාගේ ගුණද සීලයද අපරිමිතය. එය විශාල සන්ඛ්‍යාවකින් ගුණ වේ.



No comments:

Post a Comment