Saturday, October 29, 2016

මහා පට්ඨාන විශ්ලේශණය 03

චිත්ත වීථි හා පට්ඨානය

 

 චිත්ත වීථි බුදු දහමේ ඉගැන්වෙන ඉතා ගාම්භීර විෂයකි. චිත්ත වීථියක් සරලව දකින්නේ නම් එකක් අනිකට ප්‍රත්‍ය වන චිත්ත පරම්පරාවක අඛණ්ඩ පැවැත්මකි. සත්‍ය වශයෙන්ම සත්වයා ලෙස දැක්විය හැක්කේ අවිච්ඡින්න වූ චිත්ත වීථියකි. සත්වයෙකුගේ වැදගත්ම ලක්ෂණය නම් ඒ සත්වයාට ආවේණික වූ අවිච්ඡින්න වූත් කෙළවරක් නොදැකිය හැකි ( සැබවින්ම ආරම්භයක් නොමැති )අති දීර්ඝ චිත්ත පරම්පරාවයි. මේ චිත්ත පරම්පරාව මරණයෙන් කෙළවර නොවේ , වියපත් වීමෙන් , නැවත ඉපදීමෙන්  ආදී කිසිවකින් සිත් පරපුර සිදී නොයයි. ඒ ඒ අත් බැව් හිදී සත්වයාගේ ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන් ඇසුරු කර ක්‍රියාත්මක වන මේ සිත් පරපුරේ දළ ස්වභාවය විඤ්ඤාණයයි. සත්වයා යනුවෙන් පණවනු ලබන්නේ  රූප , වේදනා , සඤ්ඤා , සංඛාර සහ විඤ්ඤාණ යන පංචස්කන්ධයයි. අඛණ්ඩව පවතින චිත්ත පරම්පරාවම කර්ම රැස් කිරීම මෙන්ම විපාක ඇති කිරීමද සිදු කරයි. එසේම එක් චිත්ත පරම්පරාවක් පමනක් එක් සත්වයෙකුට ඇත. අනුපාදිසේස නිර්වාණයෙන් කෙළවර වන තුරු සිත් පරපුර රහතන් වහන්සේ තුළද ඇතිවේ. ඒ නිසා රහත් වුවද රහතන් වහන්සේද පංචස්කන්ධ පරිහරණය කරන සත්වයෙක් වේ.

 සිත් හට ගැනීම හා චිත්ත වීථි වල පැවැත්ම ගැන අභිධර්මය පරිශීලනයෙන් දත යුතුය. මේ ලිපියෙන් චිත්ත වීථි වල ප්‍රත්‍යොත්පන්න ස්වභාවය සාකච්ඡා කරනු ලැබේ.සිත් හට ගැනීමේ මූලික නියම පහත පරිදි දැක්විය හැකිය.

1.සිතක අවස්ථා තුනකි . ඒවා උප්පාද තිථි හා භංග අවස්ථාවේ. ඒ අවස්ථා තුනෙන් යුතුව සිතක් ඉපිද නිරුද්ධ වීමට ගතවන කාලය එක් චිත්ත්ක්ෂණයකි.සියලු සිත් වල ආයු කාලය සමානය. සෑම සිතකම ආයු කාලය නම් චිත්තක්ෂණ එකමය.

2. එක් සිතක් ඇතිවී නිරුද්ධ වූ පසු අනික් සිත ඇතිවේ. එක වර හෝ අති පිහිත වෙමින් ( overlapping ) සිත් හට නොගනී. එක් සිතක් නිරුද්ධ වූ පසු අනික් සිත හට ගනී.

3.එක් සිතක් නිරුද්ධ වී අනික් සිත හට ගැනීමත් අතර කාල පරතරයක් නැත. අංශු මාත්‍ර හෝ පරතරයක් නොමැත්තේමය. 


4.සිත් හටගන්නේ චෛතසික සමගමය. සිත් නිරුද්ධ වන විට ඒ හා ඇති චෛතසික සියල්ලද නිරුද්ධ වේ.

5.පංච වෝකාර භූමි වන කාම ලෝක හා රූපී බ්‍රහ්ම ලෝක වල සිත් හටගන්නේ රූපයක් ආශ්‍රය කරගෙනමය. ඒ රූප කලාපයක් ආශ්‍රය කර නොගෙන සිතක් හට නොගනී. ( චක්ඛු වස්තු , සෝත වත්ථු ... හදය වත්ථු ) 

6. ඒ නිසා චිත්ත වීථියක ආයුෂය රූප කලාපයේ ආයුෂයට සමාන වේ. රූප කලාපයක ආයුෂය චිත්තක්ෂණ 17 කි. රූප කලාපයක් ආශ්‍රය කරගෙන ඇතිවන සිතක් හට හටගැනීමට රූපය නිඃශ්‍රය ප්‍රත්‍යයෙන් ආධාර වේ . රූප කලාපය නැති වීමෙන් ප්‍රත්‍ය නැති වී ගොස් සිත් හට ගැනීම නවතී. නමුත් වෙනත් රූප කලාපයක් ආශ්‍රය කරගෙන ඒ මොහොතේම සිත් හටගනී.මේ නිසා එක් චිත්ත වීථියක තිබිය හැකි උපරිම සිත් සංඛ්‍යාව 17 වේ.

 7. සිත් හට ගැනීමට මූලික  වූ ඉන්ද්‍රිය ( ද්වාරය ) නමින් චිත්ත වීථිය නම් කරයි . මේ අනුව චිත්ත වීථි වර්ග 6 කි.( චක්ඛුද්වාරික , මනෝද්වාරික ...)

8.අදාළ ද්වාරයෙන් අරමුණ ග්‍රහණය කරන කළ ( භවංග චලනය  සිදුවන අවස්ථාව වන විට )සිත ඇසුරු කරන රූප යේ ආයුෂය අනුව චිත්ත පරම්පරා අතිමහන්තාරම්මණ , මහන්තාරම්මන , පරිත්තාරම්මණ , අති පරිත්තාරම්මණ ලෙස 4 ට බෙදේ.  (මනෝද්වාරික වීථි විභූතාරම්මණ අවිභූතාරම්මණ ලෙස බෙදේ )



9. කර්ම රැස් කරන චිත්ත වීථියක ( මහන්තාරම්මණ , අති මහන්තාරම්මණ )අදාළ කර්මයන්  සෑම විටකම ජවන සිත්  වලින් සිදුවේ. එසේම  සෑම චිත්ත වීථියකම ජවන සිත් 7 ක් එක දිගට හට ගැනීම සිදුවේ . වෙනත් සංඛ්‍යාවන්ගෙන් ජවන් සිත් හට නොගනී ( චුති චිත්ත වීථියේදී පමණක් ජවන් සිත් 5 ක් හටගනී )


10.චිත්ත වීථියක සෑම විටම මුල් සිත දෙවන සිතට ප්‍රත්‍ය වෙමින් ( අනන්තර ප්‍රත්‍ය හා සමනන්තර ප්‍රත්‍ය පවතී )ඇතැම් අවස්ථාවල අනාගතයේ ඇතිවන සිතක් වර්තමානයේ සිතට ප්‍රත්‍ය වේ ( පශ්චාජාත ප්‍රත්‍යය )

දැන් ඉහත කරුණු තරමක් ගැඹුරින්  විෂ්ලේශණය කරමු.

චිත්තක්ෂණය නම් මේ මුළු මහත් විශ්වයේම ඇති කුඩාම කාල ඒකකය වේ. කොතරම් කුඩා දැයි කිව හොත් ඊට වඩා කුඩා කාල ඒකකයක් බ්‍රහ්මයෙකුටවත් පැනවිය නොහැක. මන්ද පැනවිය යුතු වන්නේද සිතින්මය. සිතක ආයුෂය චිත්තක්ෂණ 1 කි. රූප පර්මාර්ථය සළකන කල්හි ශුද්ධාෂ්ටකයක ආයුෂය චිත්තක්ෂණ 17 කි. ශුද්ධාෂ්ටකයක් හටගත් මොහොත එක් චිත්තක්ෂණයක් උප්පාද කොටසටද 15 ක් තිථි කොටසටද 1ක් භංග කොටසටද බෙදා දක්වයි. රූප කලාපයක් සෑම විටම එක ලෙස නොපවතී. හටගත් මොහොතේ සිට පිරිහේ. ( සබන් බෝල මෙනි )රූප කලාප සියල්ලටම සිත් හට ගැනීමේ බලයක් නැත. සත්වයෙකුගේ රූප කලපයන්ම පමණක් චිත්ත් වීථි ආශ්‍රය කරයි. ගස් ගල් වලට චිත්ත වීථි නැත. සත්වයෙකුගේ ශරීරයේද බොහෝ රූප කලාප ඇත . ඒව ගස් ගල් වල රූප කලාප වලින් වෙන්සය.( ගස්ගල් වල ශුද්ධාෂ්ටක ඇත. සත්ව සෛල නිර්මිත රූප කලාප වල අතිරේක ලෙස ජීවිත රූපය පමණක් හෝ ඇත. )මේ සියල්ලටම සිත් හට ගැනීමේ හැකියාවක්ද නැත. සත්වයෙකුගේ සිත් හට ගන්නේ එක්තරා ස්වල්ප රූප කලාප ආශ්‍රය කරගෙන පමණි . චක්ඛු සෝතාදි දසක රූප කලාපද හදය වත්ථුවද  සිත් හට ගත හැකිය. එක් මොහොතක මේ රූපයන්ද කෝටි ප්‍රකෝටි ගණනින් හටගෙන නිරුද්ධ වේ.ඒ නිසා ඒවායින්ද අවස්ථානුරූපව එක් රූපයක ඒ ඒ චිත්තක්ෂණයේදි සිත හට ගනී.හදය දසකයක් හා චක්ඛු සෝතාදි පසාද රූප පහ ඇති දසක කලාප 5 ක් පමණක් තිබුණද( මේ ටික පමණක් ඇත්නම් ශරීරය ඉලෙක්ට්‍රෝනයකටත් වඩා කුඩාය )සත්වයෙක් වීමට ප්‍රමාණවත්ය .අරූපී බ්‍රහ්මයෙකුට මේ ටිකවත් නැත. ඒ නිසා අරූපී බඹ තල වල සිත් හට ගැනීමට රූප අනවශ්‍යය. රූප පදාර්ථයන් සත්වයෙකුට සිත් හට ගැන්මට උපකාර වන්නේ චිත්‍රයක් ඇදීමට කොළයක් උපකාර වන්නාක් මෙනි. කොළය නැතුව චිත්‍රය ඇදිය නොහැක. චිත්‍ර ඇදීමට උපකාර වන පෘෂ්ටය මෙන් කරන උපකාරය පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය වේ. ඇතැම් සිත් රූප කලාපය නිසා ඇතිවන අතරම චිත්තජ වශයෙන් රූප කලාපයන් ඇතිකිරීමද සිදුකරයි. එවන් අවස්ථාවක සිත රූපයටද රූපය සිතටද අන්‍යෝන්‍ය ලෙස ප්‍රත්‍ය වේ. මෙහිදී රූපය පෘෂ්ටයක් මෙන් ක්‍රියා නොකරයි. පන් පට දෙකක් වර්ණ ගන්වා ඒ දෙක වියමින් පැදුරක් සාදන්නා සේ දෙක එකිනෙකට ප්‍රත්‍ය වීම සහජාත නිඃශ්‍රය ප්‍රත්‍ය වේ.

පුනර්භවය  සිදුවන්නේ මෙසේය.පුනර්භවය සිදුවෙමේ දීඅවසාන චුති සිත මගින් කර්මජ වශයෙන් රූප කලාපයක් යම් ස්ථානයක හටගන්වා ( ඒකජ කාය ) එය ආශ්‍රය කරගෙන එක් වනම සිත් පරපුර පවතින්නට ගනී. ඉන් පසුව සිත් හට ගැනීම වශයෙන් චිත්තජ රූපද එහි හට ගනී ( ද්විජ කාය ) . තවත් පසුව ශරීර උෂ්ණත්වය ආදී දේ නිසා සෛල විභාජනාදියෙන් උතු රූප හට ගනී ( ත්‍රිජ කාය ). අවසානයේදී මව ගන්නා අහාරාදි ප්‍රත්‍යයෙන් අනෙක් ශාරීරික රූප හටගනී. ( චතුජ කාය )(මේ මනුෂ්‍යයන් වැනි ජලාබුජ සත්වයන්ගේ උත්පත්ති ක්‍රමයයි . ඕපපාතික සත්වයන්ගේ මුළු ශරීරයම එකවර කර්මජ රූපයෙන් පහළ වේ.චිත්ත වීථියක එක් සිතක් ඇතිවී නිරුද්ධ වූ පසු අනික් සිත ඇති වීම අස්ති නස්ති ප්‍රත්‍යයයි. සිතක් වුව හට ගැනීමට අවකාශය අවශ්‍ය වේ. එක් සිතක් තිබියදී අනෙක් සිත හට ගත නොහැක්කේ එහෙයිනි.එසේම එක් සිතක් සෑම විටම දෙවන සිතට ප්‍රත්‍ය වන නිසා එකවර සිත් දෙකක් දෙතැනක ඇතිවිය නොහැක. මේ නිසා එක් සත්වයෙක් බෙදී තවත් සත්වයෙක් සෑදීමට නොහැක.බෙදී යන්නේ නම් ඒ භෞතික ශරීරය පමණි. සෑම විටම එක් සත්වයෙකුට එක් සිත් පරපුරක් පවතිනුයේද එහෙයිනි.




ඇතැම් ඒක සෛලික සත්වයන් ‍යයි සැලකෙන ජීවීන්ගේ ශරීරය බෙදී දෙකක් වේ.මේ අනුව එක් සත්වයෙකුගෙන් සතුන් දෙදෙනෙක් බිහි නොවේදැයි අයෙක් ප්‍රශ්න කළ හැකිය.  නමුත් මෙවැනි ප්‍රශ්නයක් ව්‍යාකරණය කිරීමේදි ශාක වලද චිත්ත පරම්පරාවක් නොමති හෙයින් ඒවාටද පුනර්භවයක් හෝ කර්ම රැස් කිරීමේ ගුණයක් නොමැති බව සිහි තබා ගත යුතුය. නූතන විද්‍යාවේ වුවද ඒක සෛලික සතුන් වර්ග කර ඇත්තේ ශාක වලටත් වඩා පරිණාමීයව නොදියුණු ජීව ගුණය අඩු ජීවීන් ලෙස බවද සිහිතබා ගත යුතුය.එසේ වුවත් එවැනි ක්ෂුද්‍ර රූපයක් වුව සතෙකු වීමට ප්‍රමාණවත් වේ. සිත් හට ගැන්මට අවශ්‍ය වන ඉතා සුළු ප්‍රමාණයක් වූ රූපයන්ට අමතරව අනන්ත රූප කලාප සතෙකුට පවතින්නේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට හා හොද නරක කර්ම විපාක ලබා දීමටය. මේ නිසා එවන් ප්‍රාණීන් අහම්බෙන් සතුන් වුවද බෙදී වෙන්වීමෙන්  අසත්ව සෛලයක් හා සත්වයෙක් සෑදෙන බව හෝ එසේ නොවේ නම් සත්වයා සිටියදී බෙදී වෙන්වන සෛලය වෙනත් සත්වයෙකුගේ චිත්ත පරම්පරාවකට නිඃශ්‍රය විය යුතු බවද ධර්මානුකූලව ව්‍යාකරණය කළ හැකිය.


 සිතක් හට ගන්නා රූපය ක්‍රම්යෙන් පිරිහෙන පක්ෂයේ වන බැවින් භවන්ග චලනය  රූප වස්තුවේ තිථිය ඇරබෙන මොහොතේම ( දෙවන චිත්තක්ෂණය ) සිදුවේ නම් ප්‍රබල අරමුණු සහිත චිත්ත වීථියද නැත්නම් දුර්වල චිත්ත වීථිද ඇතිවේ.වඩාත් දුර්වල චිත්ත වීථි වල ජවන සිත් නොවන නිසා ඒවායේ කර්ම රැස්කිරීමක් නැත.
ජවන සිත් වල ප්‍රත්‍ය විභාගය ආකර්ෂණීයය.  පළමුව ඇතිවන් ජවන සිත දෙවනුව ඇතිවන ජවන සිතට  ආසේවන ප්‍රත්‍යයෙන් දායක වේ. එක් වරක් තීන්ත ආලේප කළ බිත්තියක දෙවන වර තීන්ත ආලෙප කරන්නක් මෙන් එවිට දෙවන ජවන සිත පළමු සිතට වඩා ශක්තිමත් වේ . ඒ අයුරින් තුන්වන ජවන සිත දෙවැන්නට වඩාද , සිව්වැන්න තෙවැන්නට වඩාද ප්‍රබල වේ. නමුත් පස් වන ජවන සිත සතරවන ජවන සිතට වඩා දුර්වලය. මෙසේ සිදුවීම ගණිතමය සමීකරණයකින් දැක්විය හැකිය. ජනක සිතේ ප්‍රබල්තාවය  P නම්  එය කරුණු දෙකක් මත රදා පවතී.


1. රූප කලාපයේ ආයුෂ ගෙවීම නිසා එය දුර්වල වීමෙන්ද දිගින් දිගටම සිත් හට ගැනීම නිසා රූප කලාපයේ සිදුවන පිරිහීම හේතුවෙන් පසුව ඇතිවන සිත් දුර්වල වේ.

2. මුලින් ඇතිවන ජවන සිත ආසේවන ප්‍රත්‍යයෙන් ඊළග ජවන සිතට උපකාර වීම නිසා පසුව ඇතිවන සිත ශක්තිමත් වේ.

එකිනෙකට ප්‍රති විරුද්ධ පරාමිතීන් දෙකක් එකවර යෙදේ නම් ඒ ශ්‍රිතය උපරිමයක් හරහා යෑම සරල ගණිතමය සංසිද්ධියකි.


ජනක කර්ම වල සාපේක්ෂ ශක්තිය සිත් අනුපිළිවෙලේ ශ්‍රිතයක් ලෙස

 මේ නිසා සතරවන ජවන සිත වැඩිම ප්‍රබලතාවයකින් යුතුවේ. ඉන් ඇතිවන කර්මයද වඩාත් ප්‍රබල වේ. අපරාපරිය වේදනීය ගුණයෙන් යුතුය. 3 වන හා 5 වන සිත්ද 2 වන හා 6 වන සිත් ද ආසන්නව සමාන වේ ඒවාද අපරාපරිය වේදනීය ගුණයෙන් යුතුය 7 වන සිත් 1 වන සිතට වඩා මදක් බලය වැඩිය එය උපපජ්ජ වේදනීය ගුණයෙන් යුතුය. පළමු සිත ඉතා දුබල නිසා මේ ආත්මයේදීම විපාක දෙන නැත්නම් අහෝසි වන කර්ම ඇති කරයි.ජවන සිත් වලින් කර්ම රැස්කරනු ලබයි. ජවන සිතේ යෙදෙන චේතනා චෛතසිකයේ බලය අනුව කර්මයේ බලය තීරණය වේ . අනෙකුත් චෛතසික වල යෙදීම් අනුව කුසල අකුසල , ලෝකොත්තර ආදී භේද ඇතිවේ.රහතන් වහන්සේලාට කර්ම සිදු නොවන හෙයින් රහත් ජවන වල යෙදෙන්නේ ක්‍රියා සිත්ය. ඒවායින් විපාක ලබාදෙනු නොලැබේ

18 comments:


  1. 1. අතිමහන්තාරම්මණ , මහන්තාරම්මන , පරිත්තාරම්මණ , අති පරිත්තාරම්මණ ලෙස 4 තවත් දුරට විස්තර කර පෙන්වන්න.
    2. සිත නිරුද්ධ කර ඇත්නම්... එතන සිත් හට ගැනීමක් නැත. අවකාශයක අවශ්‍යතාවයක් ද නැත. නිවුණු පහනක් උදාහරණයට ගෙන ආලෝකය කොහේ ගියෙදය් ඇසු ප්‍රශ්නය ටිකක් බරපතලයය් මට හැඟෙ. ආලෝකය නොවුනට නැවත අවශ්‍යනම් ආලෝකය හට ගැනීමට අවශ්‍ය සියල්ල එතන ඇත්තේ වේ. එසේ නොවේද.

    ReplyDelete
    Replies
    1. චිත්ත වීථි විභාගය සදහා රේරුකානේ හිමියන්ගේ අභිධර්ම මාර්ගය කියවන්න .
      සිත නිරුද්ධ කිරීම නම් නිරෝධ සමාපත්තියට සමවැදීමය. රරහතන් වහන්සේගේ සිත සැම කල්හිම නිරුද්ධව නැත. එසේ වී නම් රහත් වීම සමග ගල් විය යුතුය. නමුත් එවැනි සිද්ධියක් අසඥී බ්‍රහ්ම තලයේ සිදුවේ. එහිදී වුව සිත් පරපුර සිදී නැත. හවංග සිත් දිගටම ඇතිවේ. භවංග චලනයන් හෝ වෙනත් සිත් ඇති නොවේ. එනිසා එහිදී වුවත් සිත් හට ගැන්මට අවකාශයක් අවශ්‍ය වේ. නිරෝධ සමාපත්තියේදී චිත්ත සංස්කාර සංසිදේ ඒ අවස්ථාවේදි යෝගියාගේ අධිෂ්ඨාන ශක්තිය අනුව ඵල සිත් චිත්ත වීථිය හටගෙන සිත් හට ගැන්ම නිරුද්ධ වේ . නමුත් අධිෂ්ඨාන කළ කාල සීමාව ගතවූ පසු යළිත් එක් වරම සිත් හටගනී. ඒ කාලය තුළ ශරීර උෂ්ණත්වාදියද පැවතෙන්නේ අධිෂ්ඨාන ශක්තිය මගිනි. ඒ කාලය තුළ සිත් හට නොගන්නා බැවින් අවකාශය අනවෂ්‍යය. නිරුපාදිසේස පරිනිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පාන විටද සිදුවන්නේ මීට සමානවය. මේ මාතෘකාව ඉතා සංකීර්ණ නිසා වෙනම ලිපියක් පළ කරන්නෙමු. නිවුනු පහන ගැන උදාහරණය නිවැරදිය. නමුත් පහන හුදෙක් අතින් ගසා නිවන්නේ නොවේ. තෙල් ක්ෂය කර ලීමෙන් නිවා දමන්නකි. නිවුනු පහන ගැන උදාහරණය නිවැරදිය. නමුත් පහන හුදෙක් අතින් ගසා නිවන්නේ නොවේ. තෙල් ක්ෂය කර ලීමෙන් නිවා දමන්නකි. පිඹ හෝ අතින් ගසා නිවන්නට කෙනෙක් නොමැත. නිවුණු පසු දල්වන්නට කෙනෙක්ද නොමැත. මහත් පරිශ්‍රමයකින් තෙල් ක්ෂය කළ යුතුවේ. එය මාර්ගයේ වැඩීමට සමාන වේ. තෙල් නැති පහන යළි නොදැල්වේ. ක්ෂය වූ සන්ස්කාර ඇති කළ නැවත කර්මරැස් නොවන කල පහනට තෙල් කොයින්ද. නැවත් උපතක් කෙසේ වෙන්නද

      Delete
  2. අරූපාවචර බ්‍රහ්මලෝක සම්බන්ධව ගැටළුවක් ඇත. සමහර දේශකයන් වහන්සේලා අරූපාවචර ලෝක වළ ඉතා සියුම් රූපයක් ඇතැයි දේශනා කරති. ඒ සඳහා උන්වහන්සේලා "පංචස්කන්ධය යනු සත්වයා" ලෙසත් "ඇසේ පහළවීම ඉපදීමය, කණේ පහළවීම ඉපදීමය...." ආදී වශයෙන් උදාහරණ දක්වති. මෙහිදී පංචස්කන්ධයට අයත් රූප කොටස ගනිමින් ඉහත තර්කය සධාරනී කරණය කිරීමට උත්සාහ දරයි.

    මාගේ පුද්ගලික මතය අරූපාවචර ලෝක වළ රූපයක් නොපවතින බවයි.

    බුද්ධ දේශනාව ඇසුරින් මෙය පහදන්න. හැකිනම් ත්‍රිපිටකයේ සඳහන් සස්ථාන දක්වන්න

    තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. අරූපාවචර ලෝක වල රූපයක් නැති නිසාම අරූප යන නම යෙදේ. එහි රූපයක් ඇතැයි පවසන්නේ ධර්ම ඤාණයේ අඩු බව නිසාය. අභිධර්ම පිටකයේ භූමි භේද විස්තරයන්හි අරූප ලෝකයේ සූක්ෂ්ම වූ හෝ කයක් නැති බව පෙන්වා ඇත. ඒ අභිදර්ම ක්‍රමයයි. අභිදර්මය ගැන සැළකිල්ලක් නොදක්වන අයට අංගුත්තර නිකායේ නවක නිපාතයේ නව සත්තාවාස සූත්‍රය අනුව වටහා ගත හැකිය. එහි අරූප ලෝකයන් වෙන් කොට සත්තාවාස සතරකට වෙන් කරන අතර ඒවායේ කාය යන වචනය අන්තර්ගත නොවේ. අන් සියලු සත්ව ලෝක කාය යන වචනයෙන් විශේෂණය කරයි. තවද සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර වල චතු වෝකාර පංච වෝකාර ඒක වෝකාර භූමි භේදය දක්වයි.
      වෝකාර යනු ස්කන්ධයන්ට සමාන වචනයකි. සත්වයෙක් වීමට පංචස්කන්දයක් තිබිය යුතු නැත. අසඥ තලය ඒක වෝකාර භූමියක් වේ. අරූප්ඣ් ලෝක වල රූපස්කන්ධය හැර අනික් ස්කන්ධ සතර ඇති නිසා චතුවෝකාර භූමියක් වේ.

      රූපය වනාහි ශුද්ධාෂ්ටකාදි රූප පිණ්ඩ සමූහයකි. එය පන්චවෝකාර භවයන්හි සිත් හට ගැනීමට නිශ්‍රය වේ. චතු වෝකාර භවයන්හි සිත් හට ගැනීමට රූපය අනවශ්‍ය වේ. රූප පිණ්ඩයක ආයුෂය චිත්තක්ෂණ 17 කි. එනිසා පන්චවෝකාර භවයක ඇතිවන සිත් පරපුරක උපරිමායුශය සිත් 17 ට සීමාවේ. අර්පණා චිත්තවීථි සදහා එවන් සීමාවක් නැත.

      මිනිස් ලොවෙන් ඉහල තල වලට යනවිට ක්‍රමයෙන් ඉන්ද්‍රියන් ක්ෂය වීම වේ. දෙව් ලෝ වල දෙවියන්ගේ කායින්ද්‍රිය සියුම් වේ. ඔවුන් අපට නොපෙනෙන්නේ එනිසාය. ජේතවනයට බැසි දෙවියා තෙල් දහරක් මෙන් පොලොවේ ගිලුනේ එනිසාය. ඹඹුන්ගේ සිරුරු ඊට වඩා සියුම් වේ. එනිසා මහ බඹු සනත් කුමාර තව්තිසා දෙවියන්ට නොපෙනෙන බව දක්වා ඇත. තවද රූපි බ්‍රහ්ම ලෝක වල ජිව්හා ඉන්ද්‍රිය , ඝාණ ඉන්ද්‍රිය නොමැත. ඹ්‍රහ්මයන් අහාර නොගනී. ගද සුවද දැනීමක්ද නැත. මන්ද එම ඉන්ද්‍රියයන් ඉතා නොදියුණුය (මිනිසාගේ පවා ) ඒ දෙක ආසන්නප්ප්‍රාප්ත නොදියුණු ඉන්ද්‍රියයන් හෙයිනි. කන හා ඇස් මෙන් දියුණු ව්යූහද ඒවාට නැත. අරූපිලෝක වල අනෙක් ඉන්ද්‍රියන්ද ක්ශය වීම එනිසා අරුමයක් නොවේ. කන් නැති නිසාම එහිදී සෝවාන් විය නොහැක. අසිත තවුසා හැඩුවේ එනිසාමය.

      සලායතන රහිතව රූප පිණ්ඩයක් සතෙකුට අනවශ්‍යය. සියලු රූපයෝ සලායතනයන්ට පරිශ්කාර්ව පිහිටන හෙයිනි. එනිසා අරූප ලෝකයන්හි කිසිදු රූපයක් නැති බව පැහැදිළි වේ.

      Delete
    2. රූපයෙන් තොරව විඤ්ඤාණයට පැවැත්මක් නැති බව පංචත්තය සූත්‍රෙය් වදාරා ඇත. ධාතු මනසිකාරය වැනි බාවනාවක් වඩා අරූප සමාපත්ති ලැබිය හැක. ආකාසංඥායතනය වැනි ධ්‍යාන අවස්ථාවක ආකාශ ධාතුව අරමුණු කරන සිතක් ඇත. ආකාසංඥායතනය ද අනිත්‍ය වශයෙන් අවබෝධ වූ විට ඉහල ධ්‍යානයන්ට යයි. විඤ්ඤාණංචායතනය සමාපත්තියක් ඇති අයෙකුට පටන්ගැන්මක් අවසානයක් නැති ආලෝක කදම්බයක් මෙන් දිස් වේ. විඤ්ඤාණංචායතනයේ වේදනාව මනසත් ධර්මයත් එනම් මනෝස්ඵර්ශය නිසා හටගත් බව අවබෝධ වුවහොත් අකිඤ්චඤ්ඤායතනයට යයි. එහි ඇත්තේ කැඩී බිදී විසිරී ගිය ආලෝකය යි. ආලෝක යනු තේජෝ ධාතුවයි. අරූප ලෝකයේ වුව ද ආකශ ධාතුව, ආලෝකය , තේජෝ ධාතුව වැනි රූපයක් ඇසුරු කරගෙනම විඤ්ඤාණ ධාරාව පවතියි. නාමය නිසා රූපය පවතියි, රූපය නිසා නාමය පවතියි. දීඝ නිකායේ කේවට්ට සූත්‍රෙය් නිවන පිළිබදව මෙසේ සදහන් වේ. එත්ත නාමං ච රූපං ච අසේසං උපරැජ්ජතී - නාමරූපයන් ශේෂ නොවී නිරුද්ධ වේ. අරූප ධ්‍යාන සිතක රූපය නැති නම් නාමය ද නැති විය යුතුය. සමහරැන් කියන ආකාරයට අරූප ධ්‍යානය යනු ලෝකෝත්තර සිතක් විය යුතුය. විඤ්ඤාණ පච්චය නාමරූපං මිස විඤ්ඤාණ පච්චයා නාමං වශයෙන් වදාළ දේශනාවක් ත්‍රිපිටකයේ පෙන්විය හැකි ද? අභිධර්මාර්ථ සංග්‍රහය වැනි කවුරුන් හෝ ලියූ පොතකින් බලා නොව තථාගතයන් වහන්සේ වදාළ ත්‍රිපිටක ධර්මය නිවැරදිව විග්‍රහ කිරීම බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස වනු ඇත.

      Delete
    3. Buddhist Meditations, මම හිතන්නෙ ඔබ පටලගන. රූප, වේදනා ආදී වශයෙන් සලකා බැලීමේදී ඇසට රූපය වන්නේ ආලෝකයය, කනට රූපය වන්නේ ශබ්දය ය, නහයට රූපය වන්නේ ගන්ධය ය. මේ අයුරින් මනසට රූපය වන්නේ සිතුවිලිය (වැරදිනම් නිවැරදි කරන්න). පංච උපාදානස්කන්ධයේ පහළවීමම උපත වන්නේනම් මනස පමණක් ඇති අරුපාවචර බ්‍රහ්ම ලෝකයන්හී ඉපදීමේදී රූපය නොමැතිවීම ගැටළුවක් විය නොහැක. නමුත් අරුපාවචර ලෝක වල පංචස්කන්ධයක් නොපවතී, පංච උපාදානස්කන්ධ පවතී. ඉන්ද්‍රිය සයෙන් මනස පමණක් පවතී. ඇස, කන, නාසය, දිව සහ කය නොපවතී. එම අර්ථයෙන් අරූපාවචර වේ.

      Delete
    4. @Buddhist Meditations
      විඤ්ඤාණ පච්චයා නාමං
      ලෙස පටිච්චසමුත්පාද විභංගයේ ඇත.

      ධර්ම සාකච්ඡාවෙන් නොදන්නා ද්ව්ව් දැනගැනීම පිණිස උපකාර වේවා 🙏.

      https://tipitaka.lk/ap-vbh-6-1/3-0/pali

      මෙතනින් බලන්න 🙏

      Delete
  3. බොහොම පිං පැහැදිලි කිරීමට. සමහර හාමුදුරුවරු අභිධර්මය නොදැනීම හින්දම වැරදියට බන කියනවා. ශ්‍රාවකයොත් දොහොත් මුදුන් දීල පිලිගන්නවා. ගොඩක් අය එව්වගෙ හරි වැරැද්ද හොයන්නෙ නෑ.

    ReplyDelete
  4. ඒක සෛලිකයන්ට විඥානය පවතිනවාද?

    ReplyDelete
    Replies
    1. විඥාණය පැවතීමට එක් සෛලයක් පමණක් වුවත් පැවතීම ප්‍රමාණවත්. සත්‍ය ලෙසම බැලුවොත් ඉලෙක්ට්‍රෝනයක් තරම් කුඩා වූ රූප සමූහයක පවා විඤාණයක් ක්‍රියාත්මක විය හැකියි. සියලු ඒක සෛලිකයන්ට විඥාණ ඇත හෝ ඔවුන් සියල්ලෝම සාන්සාරික සත්වයන් වන බව හෝ අප පිළි නොගනිමු . ඒ ගැන පසුව විස්තරයක් කරන්නම්. එය මේ ලිපියෙන්ද වටහා ගත හැකි වනු ඇත.

      Delete
  5. http://www.elakiri.com/forum/showthread.php?t=1777163

    ReplyDelete
  6. අභිධර්මාර්ථ සංග්‍රහයේ දක්වා ඇති චිත්ත වීථි අභිධර්මයේ කුමන ග්‍රන්ථයේ සඳහන් වන්නේද?

    ReplyDelete
    Replies
    1. අභිධර්ම පිටකයේ ධම්මසංගණිප්පකරණයේ චිත්තොත්පාද කාණ්ඩයේ සදහන් වේ. ව්‍යාකරනයන් අත්ථසාලිනි අට්ඨකථාවේ අඩංගුය. අභිධර්මාර්ථ සංග්‍රහ නම් වූ අනුරුද්ධ හිමියන්ගේ ටීකාව පමනක් අභිධර්මය ලෙස වර්තමානයේ ථේරවාද රටවල් 5 ම උගන්වනු ලැබේ.

      Delete
    2. චිත්තෝප්පාද කාණ්ඩයේ කාමාවචර රූපාවචර අරූපාවචර සිත් මිස චිත්ත වීථියක් අප දැක නැත. චිත්ත වීථි සදහන් වෙන පිටු අංක කිව හැකි ද?

      Delete
  7. සෝතාපන්න මාර්ග චිත්ත වීතිය සමග ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ අංග වල ඇති සම්බන්ධය පැහැදිලි කරදෙන මෙන් ඉල්ලාසිටිමි

    ReplyDelete
    Replies
    1. දෘෂ්ටි සම්ප්‍රයුක්ත සිත් සතර හා විචිකිච්ඡා සහගත සිත ( මෝහ ) සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට මෙට්ය සම්බන්ධ වන ආකාරය වෙනම දැක්වීම සුදුසුයැයි සිතමි.

      Delete
  8. Buddhist Meditations:ඔබ අභිධර්ම පිටකයේ විභංගප්ප්‍රකරනයේ,පට්ටිච්ච සමුප්පාද විභංගයේ ,අව්‍යාකෘත පට්ටිච්ච සමුප්පාදය විග්‍රහය (306 වන පිටුව) එහි විඤාඤාණපච්චයා නාමං ලෙස පමනයි විග්‍රහ වන්නේ ,රූප/රූපං යෙදෙන්නේ නැහැ,හැබැයි මෙම පට්ටිච්ච සමුප්පාදය අවිඡ්ඡා ප්‍රත්‍යයෙන් හට ගන්නක් නොවේ,එය විපාකමය ස්වබාවයයි.තවද ,සූත්‍ර දේශනාවල විස්තරවන්නේ "රූපී රූපානි පස්සති, අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති, සුභන්තෙව අධිමුත්තො හොති, සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති,"ලෙසයි එහි අදහස රූපසඤ්ඤා,පටිඝසඤ්ඤා,නානත්තසඤ්ඤා වෙන් මිදුන කෙනෙකුට පමනයි ලෝකෝත්තර වශයෙන් ආකාසානඤ්චායතනට සමවැදියහැක්කේ,අන් සියල්ල ආකාසානඤ්චායතන අරමුණු කොටයි ආකාසානඤ්චායතනට සමවදින්නෙේ එය කෙසේ වුවත් එහිදී සියලු රූප/අරූප සංඤඤාවන් නිරෝදවන බවයි අදහස්වන්නේ,

    ReplyDelete
  9. අපි එදිනෙදා කරන හැම දෙයක් ම පිං හෝ පවු වෙනවා ද? උදා_ කෑම, නෑම, ගණන් හැදීම, පාඩමි කිරීම, ආවර්ජනය

    ReplyDelete