ක්වාන්ටම් අංශු යුග්මීකරණය ( Quantum entanglement ) හා මහා පට්ඨානය
ක්වාන්ටම් අංශු යුග්මීකරණය ( Quantum entanglement ) සංසිද්ධිය නූතන විද්‍යාවේ නවතම පර්යේෂණාත්මකව සනාථ කරන ලද සිද්ධාන්තයකි. මෙයට අනුව කිසිදු බල ක්ෂේත්‍රයක මැදිහත් වීමකින් තොරව ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් ඇති යුග්මනය වූ අංශු දෙකකින් එක් අංශුවක චලනය අනෙකෙහි චලනය වීමට ඒ මොහොතේම බලපායි. ඒ චලනය පිළිබද සන්නිවේදනය වීමක් හෝ චලනය නිසා ඇතිවන බලයේ ප්‍රචාරනයවීමක් සිදු නොවීම මෙහි ඇති විශේෂත්වයයි.එහිදී අංශුවේ චලනය වන වේගය හා දිශාව යන දෙකම කෙරෙහි බලපෑම ඇති කරවයි. මේ සිද්ධාන්තය ගැන සමීකරණ ආශ්‍රයෙන් භෞතික විද්යාත්මකව විග්‍රහ කිරීම මෙහි අරමුණ නොවේ. නමුත් භෞතික විද්යාත්මකව මෙහි වැදගත්කම සරලව විස්තර කරන්නේ නම් මෙසේය.කිසියම් වස්තුවක චලනයක් ඇති කරවීමට නම් බලයක් යෙදිය යුතුය. චලනය වීමක් නොමැතිව සම්ප්‍රදායික භෞතික විද්යාවේදි බලය අර්ථ දැක්විය නොහැකිය. නිව්ටෝනීය විද්‍යාව අනුව බලය යනු ගම්‍යතාව (ස්කන්ධයේත් ප්‍රවේගයේත් ගුණිතය )වෙනස් වීමේ ශීඝ්‍රතාවට අනුලෝම වන්නකි. එලෙස බලයක් යෙදීම අතිනුත් කල හැක්කකි. පිඹීමෙනුත් කළ හැක්කකි. බලක්ෂේත්‍රයක් මගින්ද කළ හැක්කක් වේ. නමුත් බලයක් යෙදූ පමණින් කිසිදු වස්තුවක් චලනය වීමට බැදී නැත. බලය අසංතුලිත වූ කෙණෙහි වස්තුව චලනය වේ. මෙය නිව්ටන්ගේ පලමු නියමයයි.අසංතුලිත බලය යෙදුනු කල්හි චලනය වන වස්තුවට ඉදින් ප්‍රති විරුද්ධව බලයක් යෙදේ නම් මන්දනය වී නතර වේ. ඒ දිශාවටම බලයක් ලැබේ නම් ත්වරණය වේ. නැත හොත් ඒකාකාර ප්‍රවේගයින් චලනය වේ.අතින් ඇදීමෙන් හුලං වැදීමෙන් ආකාරයෙන් අංශු ඝට්ටනයවී බලය ප්‍රචාරණය වන්නා සේම . බල ක්ෂේත්‍ර වන ගුරුත්ව ක්ෂේත්‍ර , විද්‍යුත් ක්ෂේත්‍ර , චුම්භක ක්ෂේත්‍ර ආදියෙන්ද බලය ජනනය විය හැකිය. ගුරුත්ව ක්ෂේත්‍රයක තැබූ ස්කන්ධයක් මතද , විද්‍යුත් ක්ෂේත්‍රයක තැබූ ආරෝපණයක් මතද බල ක්‍රියා කරයි. එලෙස ක්‍රියා කරන බල මගින් ඒවා චලනය කරවයි. නතර කරවයි.
මේ ක්ෂේත්‍රද ප්‍රචාරනය වන්නේ ආලෝකයේ වේගයෙනි. මේ සියලු ක්ශේත්‍ර වලට පොදු එක් ගුණයක් වන්නේ වර්ග ප්‍රතිලෝම න්‍යායයි. එනම් ක්ෂේත්‍රයෙන් විස්තාපනය ඉවතට දෙගුනයකින් වේනම් බලය හතර ගුණයකින් අඩුවේ.නමුත් ක්වාන්ටම් යුග්මීකරන සංසිද්ධිය මෙවැනි සාම්ප්‍රදායික භෞතික විද්යා න්‍යායන් අනුගමනය නොකරයි. එය හුදෙක්ම ක්වාන්ටම් භෞතික විද්‍යාත්මක සංසිද්ධියකි.මෙහිදී සිදුවන ක්‍රියාවට අවකාශය යනු බාධාවක් හෝ සහයක් නොවේ. මේ ක්‍රියාව අවකාශයෙන් විනිර්මුක්තය. ක්ශේත්‍ර ප්‍රචාරණ බලය දුරට යන විට අඩුවේ . ළං වන විට වැඩිවේ. මෙවැනි දේ මේ විශ්වයේ අනතවත් ඇත. අපි ලිපක් ළගට යන විට රස්නය වැඩිවේ. දුරට යන විට රස්නය අඩුවේ. එයද අවකාශය මත රදා පවතින්නකි. ශබ්ද විකාශකයක් ළගට යන විට ශබ්දය වැඩිපුර දැනේ. ( තීව්‍රතාවය ) දුරට යන විට එය අඩුවේ. එයද වර්ග ප්‍රතිලෝම න්‍යාය මත පවතින අවකාශීය සංසිද්දියකි.අභිධර්මය අනුව යම් අංශුවක් එක් දිශාවකට චලනය වන්නේ බලයක් යෙදීම නිසා නොවේ. ඒ අංශුවේ ඇති ආපෝ ධාතුව නිසාය. අංශුවක් නිශ්චල වන්නේ එය සෑදුණු ශුද්ධාෂ්ටක වල පවතින පඨවි ධාතුව නිසාය. අංශුවක් පොලා පනිමින් සියලු දිශාවන්ට චලනය වන්නේ වායෝ ධාතුව නිසාය. ගැටීමකින් හෝ ක්ෂේත්‍ර ක්‍රමයකින් වන්නේ අදාල ධාතුන් ජනනය වීම හෝ ප්‍රකට වීමයි. යුග්මීකරණය වූ වස්තූන්ගේ එක් වස්තුවක් යම් දිශාවකට චලනය වේද අනික් වස්තුව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය වීම සිදුවේ.අභිධර්මය අනුව මෙය දැකින්නේ නම් එක් වස්තුවක ආපෝ ධාතූන් ගමන් කරන දිශාවෙන් විරුද්ධ දිශාවට අනෙක් වස්තුවේ ආපෝ ධාතූන් ගමන් කරන බවයි. එසේම ඒ දෙක ඒකාබද්ධය. එනම් ඉබේ එක් වස්තුවක් චලනය නොවේමය. එක් අංශුවක චලනය වීමට අනෙක් අංශුව ප්‍රත්‍ය වේ. හේතු ප්‍රත්‍ය රහිතව චලනය වීමක් සිදු නොවන හෙයිනි.
හේතු ප්‍රත්‍යයන්ගේ පැවැත්ම සනාථ කිරීමට භෞතිකත්වයෙන් ගෙන හැර දැක්විය හැකි මූලිකම සාක්ෂිය මේ යුග්මීකරණයයි.
එසේම ඒ අයුරින් ප්‍රත්‍ය වීමෙදි එක් අංශුවකින් අනෙක් අංශුව වෙත කිසිවක් ගමන් කලයුතු නැත. ඒ නිසාම පිටවන දෙයක් අවකාශය හරහා අනෙක් අංශුව වෙත නොයයි.
නමුත් එක් අංශුවක් චලනය වීමම අනෙක් අංශුවේ චලනය වීමට ප්‍රත්‍යයයි.එක් අංශුවක් නැවතුන විගස අනිකද නැවතේ.
එසේ චලනය ඇරඹීමට හා නැවතීමට කාල වෙනසක් නොමැත. එකක චලනය ඇරඹුණු මොහොතේම අනෙකෙහි චලනයද ඇරඹේ. සියුම් වූ හෝ කාල වෙනසක්. අන්තරයක් නැත.
වස්තු දෙක ඒකාබද්ධ වීම සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයයි වෙන් වීම විප්‍රයුක්ත ප්‍රත්‍යයයි. (entanglement / disentanglement )
එක් චලනය වන අංශුවක් පැවතීම ( අස්ති ප්‍රත්‍යය ) අනෙක් අංශුවද චලනය වීමට හේතුවයි.
එක් අංශුවක චලනය නැතිවීම (නස්ති ප්‍රත්යය ) අනෙක් අංශුවේද චලනය නැතිවීමට හේතුවයි.අංශු ද්විත්වයම පවතින්නේ අවකාශය තුළය. එනම් අජටාකාශයයි. නමුත් අංශු දෙකෙහි චලනය අවකාශයෙන් ස්වායත්ත වේ.හුදෙක් ඒ අංශූන් චලනය වන්නේ අනිකෙහි පැවැත්මක් ඇති හෙයිනි.මේ නිසාම අවකාශයෙන් හා කාලයෙන් ස්වාධීන වූ මාධ්‍යයක් හරහා කිසිවක් සංක්‍රමනය විය යුතු යැයි අභිධර්ම ක්‍රමයේදී සිතීම අනවශ්‍යය. නමුත් භෞතික වාදයේදී එවන් මාධ්‍යයක් නැති වුවත් එවැන්නක් ඇතැයි කියා උපකල්පනය කර එය සෙවීම සදහා වෙහෙසෙනු ලබයි.විද්‍යාඥයන් සිදුකරනු ලබන්නේ වස්තු දෙක යාකරන මනකල්පිත දණ්ඩක් උපකල්පනය කර ඒවායේ චලනය අර්ථ දැක්වීමයි.
මෙම සිද්ධි අධ්‍යයනයෙන් ස්ඵුට වන කරුණු මෙසේය.
අවකාශයෙන් හා කාලයෙන් ස්වාධීන වූ ප්‍රපංච ඇතිබව.
ආත්මය හෝ අන් කිසිවක් ශරීරයකින් පිටවී ගමන් කර වෙනත් ස්තානයක හට ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව.
අන්තරාභවයක් පැවතීමේ අවශ්‍යතාවක් භෞතික විද්‍යාත්මකව නොවන බව.
හේතු ප්‍රත්‍යයන් රහිතව කිසිවක් නොවන බව. අති ක්ෂුද්‍ර අවස්ථාවේදී පවා එකක චලනයට අනෙක්කක පැවැත්ම හේතුවීම පටිච්ච සමුප්පාදය ඔප්පු කරන්නකි. ඉන් ඉහල වූ දෘෂ්‍යමාන ලෝකයේ සියල්ලම හේතූන්ගෙන් වන බව ඔප්පු වන්නකි.
ඉමස්මිං සති ඉදං හෝති
ඉමස්මිං අසති ඉදං නහෝති
මෙය ඇති කල්හි මෙය වෙයි , මෙය නැතිවූ කල්හි මෙය නොවේ.
Thanks for giving more information. You have beautifully explained using Abhidhamma too.
ReplyDeleteThank you..mata eka thanak clear na."athmaya ho an kisiwak sharirayakin pita wee gaman kara wenath sthanayaka hata ganime awashyathawak nomathi bawa" please could you elaborate this further.
ReplyDeleteඅප දන්නා තරමට කිසිදු චලනයකින් තොරව අප අවටලෝකයේ මෙන්ම අපේ පියව් සිහියට ගෝචර නෙවන ලෝකයේද කිසිවක් පැවතිය නොහැකනමුත් බුද්ධ දේශනාවේ විස්තර වන පරිදි සියල්ල නිරෝධ වු සිතක් උපරිම වශයෙන් දින 7ක් පවතී( නිරෝධ සමාපත්තියට සමවැදුන අර්යන් වහන්සේ),
ReplyDelete