Wednesday, June 25, 2014

ශ්‍රී සද්ධර්මයේ ආශ්චර්යවත් හෙළිදරව්ව 04

බුදු දහම හා භෞතික විද්‍යාත්මක ආචරණ


ධාතු විග්‍රහය අනුව සාපේක්ෂතා වාදය පහදාගන්නේ කෙසේදැයි මේ ලිපියෙන් පහදා දෙමි. ඒ අනුව පළමුව සාපේක්ශතාවාදය යනු කුමක්දැයි වටහා ගත යුතුය. මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කරනලද සාපේක්ෂතා වාදයේ මූලික සන්කල්ප 3 කි.

1. විවිධ රාශින්ගේ මිනුම් සියල්ල නිරීක්ෂකයන්ගේ  ප්‍රවේගයට සාපේෂය.

2.කාලය හා අවකාශය එකිනෙකින් සාපේක්ෂව සන්යුක්තයක් සේ සැළකේ
3.ආලෝකයේ ප්‍රවේගය කිසිසේත්ම වෙනස් නොවේ. සියලු නිරීක්ෂකයන්ට සමානය.
 සාපේක්ෂතා වාදය අන්ග දෙකකි

1) විශේෂ සාපේක්ෂතාවාද‍ය


1.භෞතික නියම සියල්ල එකම සමුද්දේශ රාමුවක සිටින නිරීක්ෂකයන්ට සමාන වේ.

2.රික්තයක් තුල ආලෝකයේ වේගය ප්‍රභවයේ හා නිරීක්ෂකයාගේ චලනයන්ගෙන් ස්වායත්ත වේ.

මේ විශේෂ සාපේක්ෂතාවාදයෙන් පහදා දෙන භෞතික සිදුවීම් නම්

1. ප්‍රවේගයට සාපේක්ෂව ස්කන්ධයේ සිදුවන වෙනස( යම් ස්කන්ධයක ප්‍රවේගය වැඩි වන විට එහි ස්කන්ධය අඩුවේ. එහි ප්‍රවේගය ආලෝකයේ වේගයට ලගාවන විට ස්කන්ධය ශුන්‍ය වේ. )

2.සුප්‍රසිද්ධ ස්කන්ධ ශක්ති සම්බන්ධතාව


3.ප්‍රවේගයට සාපේක්ෂව කාලයේ සිදුවන වෙනස.( නිරීක්ෂකයාගේ චලන වේගය වඩිවත්ම ඔහු නිරීක්ෂණය කරන කාල වෙනස අඩුවේ. නිරීක්ෂකයා ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරයි නම් අත්දකින කාලවෙනස ශුන්‍ය වේ )



2.සාමාන්‍ය සාපේක්ෂතාවාදය.


අවකාශ කාලයේ වක්‍රතාවය. ( අවකාශකාලය එහි ඇති ස්කන්ධය , ශක්තිය හා ගම්‍යතාවය සමග වක්‍රවී ඇත. )


මෙමගින්

1.ගුරුත්වමය කාල විචලනය. ( ඉහල ගුරුත්ව විභවයක් ඇති ස්ථානයක කාල වෙනස අඩු ගුරුත්ව විභවයක් ඇති ස්ථානයක කාල වෙනසට වඩා අඩුය) Clocks which are far from massive bodies (or at higher gravitational potentials) run faster, and clocks close to massive bodies (or at lower gravitational potentials) run slower

2.ආලෝක කිරණ ගුරුත්ව ක්ෂේත්‍රයකදී නැමී ගමන් කිරීම

3. කලු කුහර ආලෝකය ආකර්ෂණය කිරීම.
4.විශ්වයේ  ප්‍රසාරණය යන සිද්ධීන් පැහැදිළි කළ හැක.

සාපේක්ෂතාවාදයෙන් පැහැදිළි කරන ආචරණ අති මහත්ය. එහෙත් ඉහත දැක්වෙන ආචරණ විද්‍යාත්මකව නිරීක්ෂණය කළ ප්‍රචලිත ඒවාය. දැන් මේවා හා බුදු දහම අතර සබදතාවය සලකා බලමු.


හුදෙක්ම සාපේක්ෂතාවාදය යනු බුදු දහමේ එක් අන්ශයක් පමණි. ලොව පවතින සියල්ලේ එකිනෙකට සාපේක්ෂ පැවැත්මක් ඇත්තේය යන්න බෞද්ධ මතයයි.මෙම ලිපියේ අරමුණ වන්නේ සාපේක්ෂතාවාදයේ දර්ශනය හා බෞද්ධ දර්ශනය එකිනෙක ගැළපීම නොවේ. එය කිසි දිනක කල නොහැක්කක් මෙන්ම එසේ කිරීමෙන් මේ ලිපිය ඉතා නීරසද වේ. එනිසා සාපේක්ෂතා වාදයෙන් පැහැදිළි කරන නිරීක්ෂණයන් හා බුදු දහම අතර සම්බන්ධය මෙයට විෂය වන්නේය.

ප්‍රවේගයට සාපේක්ෂව ස්කන්ධය වෙනස්වේ. මෙය ඉහත ලිපියකින්ද පහදා දුනිමි. මෙය ප්‍රමානාත්මකව මෙසේය.
මෙහි වස්තුවේ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගය වන විට එහි ස්කන්ධය ක්ෂය වී එය තරන්ගයක් බවට පත් වේ. මේ අනුව ආලෝකයේ වේගයට ළගා වීමට කිසිදු ස්කන්ධයකට නොහැක.
මෙහි ස්කන්ධය හා ආලෝකය යන දෙකම ශුද්ධාෂ්ටක වලින් නිර්මිතය. ස්කන්ධය සැදුණු ශුද්ධාෂ්ටක වල පඨවි ධාතුවද ආලෝකය සැදුණු ශුද්ධාෂ්ටකවල තේජෝ  ධාතුවද ප්‍රකට වී ඇත. සෑම චිත්තක්ෂණ 17 ට වරක්ම මේ ශුද්ධාෂ්ටක නිරුද්ධ වෙමින් නැවත ඇතිවේ. මෙය බ්‍රහ්මයෙකුටවත් අරමුණු නොවන ශීඝ්‍ර ක්‍රියාවලියකි. එක් වරක්දී නිරුද්ධවූ ශුද්ධාෂ්ටක යළි ඇති නොවේ. පැවති ශුද්ධාෂ්ටක වලින් හටගත් වෙනම ශුද්ධාෂ්ටක සන්හතියක් විද්‍යමාන වේ. ශුද්ධාෂ්ටක මෙන්ම ඕනෑම රූප කලාපයක් ඇතිවීමට බලපාන ප්‍රත්‍ය 4කි. එයින් ප්‍රවේගය යනු පාරිසරික සාධකයකි හෙවත් උතු ප්‍රත්‍යයකි.
ප්‍රවේගය යනු විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයයි. ඉතා කෙටි කලකදී සිදුවන විස්ථාපනයේ වෙනසක් ඉහල ප්‍රවේගයකි. එවැනි වෙනසකදී. රූප කලාප ඇතිවීම වෙනස් වේ. ඇතිවන රූප කලාප උතුවට ගැළපෙන අයුරින් බිහිවේ. මෙනිසාම ස්කණ්ධය ක්ෂය වෙමින් ශක්තිය බවට පත්වීම නිරීක්ෂණය වේ.

චිත්තක්ෂණ 17 ක කාලය යනු කාලයේ ඉන්ද්‍රිය ගෝචර ඒකකයයි. ඊට වඩා කුඩා ඒකක නොමැත. හෙවත් චිත්තක්ෂණ 4, 5 , 14 , 15 නොමැත. එසේම ඕනෑම ධාතුවක ආයුෂ මේ චිත්තක්ෂණ 17 ගුණාකාරයකි. හෙවත් 34, 51, 68 ආදි වශයෙනි. මෙය කොන්ටම් වාදයයි. කොන්ටම් යනු කුඩා ඒකකයය්න්ය. එවැනි සමාන ඒකක එකතු වී සියලු පදාර්ථ සෑඩේ. එය අතීතයේ සිට දත් කරුණකි.

පැන්සල් ඉරක් අදින්නේයැයි සිතමු. මෙහි දිග අඩිරූල භාවිතයෙන් මැනිය හැක. අපට අව්ශ්‍ය දිගකට පැන්සල් ඉරක් ඇදිය හැකිද. ඔබට එසේ හැකි යැයි සිතෙනු අත. එහෙත් එය කළ නොහැක්කක්මය. අපි සෙන්ටිමීටර 10.3 ක පැන්සල් ඉරක් අදිමු. මෙහි දිග සත්‍ය වශයෙන්ම නිවැරදිද? නැත? අපි වර්නියර් කැලිපරය වැනි උපකරණයකින් මීට වඩා නිවැරදිව දිග මිලිමීටර වලින් මනිමු. එවිටදිග මිලිමීටර 102.7 විය හැකිය. මීට වඩා සූක්ෂ්ම උපකරණයකින් ඊටත් වඩා සියුමව මැනිය හැකිය.
අවසානයේ පරමාණුක මට්ටමට ළගාවේ. පැන්සල් ඉර කාබන් පරමාණු සමුච්ඡයකි. කාබන් පරමාණු මිස කාබන් පරමාණු බාග , කාලවල් නැත්තේය. එනිසා ඕනෑම පන්සල් ඉරක් කාබන් පරමාණු පූර්ණ සන්ඛ්‍යාවක දිගේ ගුණිතයකි. කාබන් පරමාණුවක විශ්කම්භය පිකෝ මීටර 15 කි. ඒ අනුව අපට ඇදිය හැකි ඕනෑම පැන්සල් ඉරක් පිකෝ  මීටර 15 ගුණාකාරයකි. 15,30 45, 60 ලෙස නැනෝ මීටර 48, 35 වැනි පැන්සල් ඉරි නොමැත.
තවත් උදාහරණයක් බලමු. එකසමාන මුතු ඇට ඇමිණූ මුතු මාලයක් සළකමු. මුතු ඇතයක දිග ප්‍රමාණය මිලිමීටර 5 කි. අපට හැකි වන්නේ මිලිමෙටර 5 ගුණාකාරයක මුතු මාලයක් සෑදීමටය. කිසි දිනක සෙන්ටිමීටර 20.2 ක මුතු මාලයක් සෑදිය නොහැක. මන්ද මුතු බාග කැබලි නැති නිසාය.
කොන්ටම් වාදය නම් මෙයයි. මැක්ස් ප්ලාන්ක් ප්‍රකාශ කළේ පදාර්තය පමණක් නොව ශක්තියද කොන්ටීකරණය වී අති බවයි. එනම් ආලෝකයේද තීව්‍රතාවය අන්ශු ගනනක ගුණාකාරයකි. එම අන්ශුව ෆෝටෝනය ලෙස හදුන්වයි.

 එහෙත් තථා ගතයන් වහන්සේ පදාර්ථය හා ශක්තිය දෙකම එකම අන්ශුවකින් (ශුද්ධාශ්ටක )සැදී ඇතැයි දුටු සේක. අද විද්‍යාඥයන් ද ඒකමතිකව පිලිගන්නේ එයයි. එය ප්‍රකාශ කිරණ නලය වැනි පර්යේෂන රැසකින් සනාථ වේ. එහෙත් එම මූලාන්ශුව ඔවුනට තවමත් නීරීක්ෂණය කළ නොහකිවී ඇත. එබැවින් තව දුරටත් කල්පිත අන්ශු මත රදා පවතී.පදාර්ථය ශක්තිය පමණක් නොව කාලයද කොන්ටීකරණය වී ඇතිබව බුදුන් වහන්සේ ඉහත අයුරින් පහදා දී ඇත.

ස්කන්ධය පමණක් නොව කාලයද ප්‍රවේගය අනුව වෙනස් වේ . ඒ ඉහත අයුරින්මය. මෙයට ආකර්ෂණීය උදාහරණයක් අන්ගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ රෝහිතස්ස සූත්‍රයේ දැක්වේ.
රෝහිතස්ස නම් දිව්‍ය පුත්‍රයා , තමන් එක් භවයක ලොව කෙළවර සොයන අටියෙන් හීයක් තල්පතක් සිදුරු කරනා කාලයකදී සක්වලක් පසුකරමින් වසර 100 ගමන් කළද විශ්වයේ කෙළවරක් සොයාගැන්මට හැකි නොවීයැයි පැවසීය. මනුෂ්‍යයෙකුව සිටි එම තව්සා අහාරද නොලබා මෙවැනි චාරිකාව දීර්ඝ කාලයක් නිරත විය. මේ වේගය ආඅලෝකයේ වේගයට වඩා වැඩිය.එනිසා කාලය ගතවීම ශුන්‍ය වේ. එනිසාම මෙතරම් කාලයක් ඔහුට ගතකලැ හැකි විය. නමුත් අනිත්‍යතාව කාලය මත පවතින්නක් නොවේ. එනිසාම ඔහු කාලය ඉක්මවා ගියත් අනිත්‍යතාව නොඉක්මවූ හෙයින් මරණයට පත්විය.

සාමාන්‍ය සාපේක්ෂතාවාදයෙන් තවත් සම්බන්ධතාවක් පෙන්වාදෙයි. එය නම් ගුරුත්ව විභවය අඩු ස්ථානයේ කාල වෙනස අඩු වීමයි. මේ අනුව කිසියම් විශාල ස්කන්ධයකින් ඈතට යත්ම කාලය ගතවීම වැඩි වේ. එනම් අප  පෘථිවියේ සිට අත්දකින කාලය විශ්වයේ සැම තැනකටම සමාන නොවේ. 



where
  • t_0 is the proper time between events A and B for a slow-ticking observer within the gravitational field,
  • t_f is the coordinate time between events A and B for a fast-ticking observer at an arbitrarily large distance from the massive object (this assumes the fast-ticking observer is using Schwarzschild coordinates, a coordinate system where a clock at infinite distance from the massive sphere would tick at one second per second of coordinate time, while closer clocks would tick at less than that rate),
  • G is the gravitational constant,
  • M is the mass of the object creating the gravitational field,
  • r is the radial coordinate of the observer (which is analogous to the classical distance from the center of the object, but is actually a Schwarzschild coordinate),
  • c is the speed of light, and
  • r_0 = 2GM/c^2 is the Schwarzschild radius of M.
දිව්‍ය ලෝක වල හා බ්‍රහ්ම ලෝක වල කාලය ගතවීම මේ අනුව වටහා ගත යුතුය. එහෙත්  මේ සමීකරණයට රාශීන් අදේශ කළ විට පෘතිවියේ ස්කන්ධය එතරම් විශාල කාල වෙනසක් ඇතිකිරීමට සමත් නොවන බව වටහා ගත හැකිය. එසේම පෘථිවියෙන් පරිබාහිරව ඇති දිව්‍ය ලෝකවල ( ගුරුත්ව විභවය වැඩි ) කාල වෙනස වැඩි වීමට හේතු වන්නේ. මේ සාධකය නොව විශේෂ සාපේක්ෂතාවාදයෙන් ප්‍රකාශිත ප්‍රවේග වෙනස බව වැටහේ. මන්ද මෙවැන්නක් සිදුවන්නේ නිශ්චල භ්‍රමණය නොවන රාමුවකය. අපගේ ලෝක පිහිටා ඇති සක්වල නිරතුරුව භ්‍රමනය වන්නකි. එනිසා කාලයේ වෙනසට විවිධ තලයන්ගේ සාපේක්ෂ ප්‍රවේගය බලපායි.
උදා:තව්තිසාවේ එක් දිනයක් මනුෂ්‍ය ලෝකයේ වසර 100 ක් වීම 

ගුරුත්වය අනුව කාලය වෙනස්වන ආකාරයට හොදම උදාහරණයක් ලෝකාන්තරික නරකය පිලිබද දේශනා වල සදහන් වේ. ලෝකාන්තරික නරකය යනු ඉතා අන්ධකාර වූ ශීතල අපාය දුගතියකි. එය සක්වල තුනක් එක්වන තැන පිහිටා ඇත. එහි උපන් සත්වයෝ . ශීතල නිසා බැදෙති. කැබලි වෙමින් නැවත සැකසෙති.එසේම එම නිරයේ ඉහළ සිට පහලටත් පහළ සිට ඉහලටත් නියත කාල සීමාවකට වරක් සන්සරණය වෙති. එහි උපන් නිරි සතෙකුට තවත් සතෙක් මෙසේ පවසයි " ඔබ මේ නිරයේ පත්ලේ සිට මුව විටට පැමිණි දවසක් වේද එවිට ඔබ මෙහි ඉපිද කපක්  ගෙවුණී යැයි දැනගන්න"

මේ සත්වයන්ට කාලය පිළිබද දැනුමක් නැත. පෘථිවිය වැනි ස්කන්ධයක ගුරුත්ව විභවය කාලයට සැළකිය යුතු බලපෑමක් නොකළත් කළු කුහර වැනි සුවිශාල ස්කන්ධ කාලයේ බරපතල විචලනයන් ඇති කරයි "

එසේම විශ්වය අධික වේගයකින් ප්‍රසාරණය වන බවත් එනිසා මීට වසර කෝටි ගණනකට පෙර වූ කාලයේ විචලනය ක්‍රමයෙන් වැඩිවන බවත් විද්‍යාවෙන් පෙන්වා දෙයි. බුදු දහමේ මෙය සදහන් වන්නේ කෙසේද?

අතීතයේ සක්විති රජවරුන් අසන්ඛ්‍යායුෂක වූහ. ක්‍රමයෙන් ඒ සත්වයන්ගේ ආයුෂ පරිහානියට ලක් විය. තවද අනාගතයේ  දස හව් රුද්දට ආයුෂ අඩුවන බවත් එහිදී සත්වයන් පස් හැවිරිද්දේ විවාහ පත් වන බවත් පෙන්වා දෙයි.

ඒ අයුරින්ම අතැම් කාලවල ලෝකය ප්‍රසරණය වනබවත් ( විවට්ඨ කප්ප ) තවත් කාල වලදී සන්කෝචනය වන බවත් (සන්වට්ඨ කප්ප ) ත්‍රිපිටකයේ සදහන් වේ.

3 comments:

  1. තවත්.මෙලෙස සද්ධර්මය ප්‍රචාරණය කිරීමට ධහිර්‍ය්ය මෙන්ම ශක්තිය ලැබේවායි ද ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ශාව නොමදව ලබේවායි ද පතමි !

    ReplyDelete