Friday, July 25, 2014

ශුද්ධාෂ්ටක හා වෙනත් රූප කලාප


සියලු පදාර්ථ හා ශක්තීන් වල තැනුම් ඒකක ලෙස සදහන් වන ශුද්ධාෂ්ටක පිළිබද ඉහත ලිපියකින් විස්තර කරන ලදී. මෙහි අරමුණ නම් ශුද්ධාෂ්ටක හා වෙනත් රූප කලාපයන් පිළිබද වැඩිදුර විස්තරයක් සිදුකිරීමයි. ශුද්ධාෂ්ටකය වනාහි පරම අන්ශුවයි. ඊට වඩා පදාර්ථය හෝ ශක්තිය විභේදනය කළ නොහැක. නමුත් සජීවි සත්වයන්ගේ දේහ නිර්මාණය සදහා ශුද්ධාෂ්ටක මෙන්ම තවත් රූප කලාපද දායක වේ . මෙය සිදුවන්නේ
ආපෝ , තේජෝ ,වායෝ, පඨවි, වණ්ණ, ගන්ධ, රස, ඕජා
යන අවිනිර්භෝග රූප වලට රූප විසි අටට අයත්  ( ඉහත සදහන් කරන ලදී ) වෙනත් රූප එක් වීමෙනි.
මෙලෙස එක්වන රූප සමස්තයක් ලෙස සෘතු , කර්ම , ආහාර හා චිත්තජ ලෙස එක් වුවද එක් එක් රූප කලාපයන් අනන්‍ය වූ ප්‍රත්‍යයන්ගෙන් හට ගැනීම ධර්මතාවයකි. උදාහරණයක් ලෙස ශුද්ධාෂ්ටක රූප කලාපය කර්මය ප්‍රත්‍යයෙන් හට නොගනී එය සෘතුජ , චිත්තජ හා ආහාරජ ලෙස පමණක් හටගනී.
ශුද්ධාෂ්ටකය + ජීවිත රූපය = ජීවිත නවකය 

ජීවිත නවකය හටගන්නේ කර්මය ප්‍රත්‍යයෙන් පමණි. ආහාරජ චිත්තජ හෝ සෘතුජ ප්‍රත්‍යයෙන් හට නොගනී . මෙනිසා ජීවිතය රසායනික ඖෂධයක් මගින් ( ආහාරජ ) , භෞතික විද්‍යාත්මක ක්‍රියාවකින් ( සෘතුජ ) හෝ මානසික ශක්තියකින් පිහිටුවිය නොහැක්කකි. කර්මය හෙවත් සත්වයා සන්සාරයේදි විපාක දීමට ශක්‍යතාවයකින් යුත් ක්‍රියා සිදුකිරීම ප්‍රත්යයෙන්ම හටගන්නා බව  ( භව පච්චයා ජාති ) ස්ඵුට වේ. කර්මක්ෂය කිරීමන් ජීවය යළි හට ගැනීම නිරුද්ධ වී නිවන් දකින්නේ මේ ධර්මතාවය නිසාය . යම් හෙයකින් ජීවිත රූපය වෙනත් ප්‍රත්‍යයකින්ද ඇති වීනම් නිවන් දැකීම අපහසු වේ. මේ ලෝක ධර්මයේ ඇති ජිද්‍රය නිසාම බුදුවරයෝ නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස කර්මක්ෂය නිර්දේශ කරති.
ජීවිත රූපය මෙන්ම චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, ඉත්ථි භාව, පුරිස භාව යන දසකද කර්මජ ප්‍රත්‍යයෙන්ම හටගනී
මේවායේ සන්ඝටක මෙසේය,

ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ චක්ඛු පසාද = චක්ඛු දසක
ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ සෝත පසාද = සෝත දසක 
ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ඝාණ පසාද = ඝාණ දසක
ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ජිව්හා පසාද =ජිව්හා දසක
ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+කාය පසාද = කාය දසක
ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ඉත්ථි භාව = ඉත්ථි භාව දසක
ශුද්ධාෂ්ටකය+ජීවිත රූපය+ පුරිස භාව= පුරිස භාව දසක

මෙලෙස ප්‍රත්‍ය භේදයෙන් රූප කලාප ඇති වන්නේ ඒවායේ සන්ඝටක ධාතූන් හටගන්නා ප්‍රත්‍ය වල විපරිත භාවය නිසාය.
ප්‍රත්‍ය හතරෙන්ම හටගන්නා ධාතූන් 9 කි
චතු සමුට්ඨානික රූප ( ආපෝ, තේජෝ , වායෝ, පඨවි ,වණ්ණ, ගන්ධ, රස , ඕජා ,ආකාස )
කර්මය ප්‍රත්‍යයෙන් හටගන්නා රූප 9 කි.
සලායතන ප්‍රසාදරූප 6 +ජීවිත රූපය + භාව රූප 2
චිත්තජ ප්‍රත්‍යයෙන් පමණක් හටගන්නා රූප 2 කි
වාක් විඥප්ති , කාය විඥප්ති
ශබ්ද රූපය උතු හා චිත්ත ප්‍රත්‍ය දෙකින්ම හටගනී.
මෙහි අවසානයට දැක්වූ ශබ්ද රූපය යනු අපේ කණට ඇසෙන්නා වූ ශබ්දයයි. නූතන විද්යාත්මකව ශබ්දය යනුවෙන් විශේෂ දෙයක් නොමැත. කිසියම් වස්තු දෙකක සන්ඝට්ටනයක් නිසා වාතයේ ඇතිවන කම්පනයක් අන්වායාම තරන්ග ලෙසින් කණ වෙත ප්‍රමාණවත් තීව්‍රතාවයකින් ළගා වූ විට කර්ණ පටහ පටලයේ කම්පනයක් ඇති කරයි. ඒ කම්පනය වර්ධනය කර ශ්‍රවණ ස්නායුව ඔස්සේ මොළයේ ශ්‍රවණ සන්වේදි ප්‍රදේශයට ගියපසු මොලය එය ශබ්දයක් ලෙස හදුනාගනී. කම්පනයක් සිදු වුවද එය වටා වාතය නොතිබීනම් ශබ්දය නොඇසේ. වාතය තිබුණද කම්පනය ප්‍රමාණවත් තරම් තීව්‍ර නොවීනම් එවිටද ශබ්දය නොඇසේ. මේ සියල්ල සිදු වුවද කණේ ඇසීමේ හැකියාව නැත්නම් එවිටද නොඇසේ.
එහෙත් බුදුදහමේ දැක්වෙන ශබ්දය වනාහි මීට වඩා පුළුල් අරුතකින් විග්‍රහ වෙන්නකි. පෙරදිග තවත් දර්ශන වලද කණට නොඇසෙන ශබ්ද පිළිගනී. වේද උපනිශද් ග්‍රන්ථ වල නාද දෙවර්ගයක් දැක්වේ.

1. ආහත නාද- කණට ඇසෙන ශබ්ද
2.අනාහත නාද - කණට නොඇසෙන ශබ්ද

මෙයින් අනාහත නාද යනු බ්‍රහ්ම නාදය ලෙස හින්දු ග්‍රන්ථ වල දැක්වේ. ඕම් කාරය එවැනි අනාහත නාදයකි. එය කණ් තිබුණද නැතද උසස් සමාධියේදි ඇසිය හැකි ශබ්දයකි. .බුදු හිමියන් බොහෝ අවස්ථා වල ශ්‍රාවකයන් සමග ධර්ම සාකච්චා සිදු කලේ මනසිනි. මෙවැනි අවස්ථා බොහොමයක් ත්‍රිපිටකයේ දැක්වේ. මෙවැනි අවස්ථාවල සිදුවන දේ නූතන විද්‍යාවෙන් පහදා දිය නොහැක. ඒ සදහා ඉහත ධාතු විග්‍රහය අත්‍යවශ්‍ය වේ.
 ශබ්ද රූපය සෘතුජ මෙන්ම චිත්තජ ප්‍රත්‍යයෙන්ද ඇතිවේ. ස්වභාවයේ ශබ්ද රූපය නැත . පවතින්නේ
 ශුද්ධාෂ්ටකය + ශබ්ද රූපය = ශබ්ද නවකය ලෙසයි. මේ ශබ්ද නවක කලාපය සෘතුජ රූප කලාපයකි. එනම් සාමාන්‍ය පරිදි භෞතික විද්‍යාත්මකව සිදුවන සන්ඝට්ටන , කම්පන නිසා ජනිත වන රූප කලාපයකි. මෙයට ජීවි සත්වයන්ගේ සම්බන්ධයක් නැත. සුළගට ගස් සෙලවෙන විටද ශබ්දය හටගනී. වෙනත් බොහෝ ක්‍රියා වලින්ද ශබ්දය හට ගනී. එසේම ස්වර තන්ත්‍ර වල කම්පනය නිසාද ශබ්දය හටගනී. මේවා සියල්ලේදීම වාතය තුළ අන්වායාම තරන්ග ඇති වී කණට ශබ්දය ලෙස ඇසේ. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ එය නොවේ. වාතය තුළ අන්වායාම තරන්ගයක් ඉහල තීවරතාවයකින් ඇතිවී. (ශ්‍රවණ සන්ඛ්‍යාත පරාසයේ.)එය කණට ළගා වූ පමණින් ශබ්දය ශ්‍රවනය වේනම් කුමක් නිසා ශබ්ද නවක කලාපයක් ඇතැයි භාෂිතද. එසේ නම් ශබ්දය ‍යැයි දෙයක් නොදෙසා වායෝ ධාතුවම පැණවිය යුතුය
එහෙත් කිසිදු සත්වයෙකුට එලෙස ශබ්දය කන වෙත ළගා වූ පමනින් ශ්‍රවනය නොවේ.

 කිසියම් සන්ඛ්‍යාතයක ශබ්ද තරන්ගයක් කනට ශ්‍රවනය වීමේ අවම තීව්‍රතාවයක් තිබේ. මෙවැනි විපර්යාසයක් සිදුවන්නේ කුමක් නිසාද? සන්ඛ්යාතය යනු අන්වායාම තරන්ගයේ අන්ශු සම්බන්ධ සිද්ධියකි. ඕනැම තරන්ගයක් ශ්‍රව්‍යතා දෙහලීය සන්ඛ්‍යාතයෙන් නිකුත් වුවද එය අදාල සන්ඛ්‍යාතයෙන් නොඇසේ නම් එය ශ්‍රවනය කිරීමේ හැකියාව කණට නැත.
ශබ්දයට තවත් සෘතු වෙනසක් සිදු කර එය විද්‍යුත් චුම්භක තරන්ගයක් බවට පත් කළ හැකිය. රේඩියෝ තරන්ග යනු මේවාය. මෙම ශබ්දය කිසිදු ආකාරයකින් ශ්‍රවණය කිරීමට නොහැක.එබවින් සත්‍ය ලෙසම සිදුවන්නේ සෘතුජ කම්පණය නිසා වෙනම රූප කලාප බිහි වී ශ්‍රවනය සිදු වීමයි. 

4 comments:

  1. මෙහි මුලින් කියා තිබෙනවා ශුද්ධාෂ්ඨක පිළිබඳ කරුණු ඉහත ලිපියක දක්වා ඇත කියා එම ලිපිය මෙහි තිබේ ද සෙවුවා නමුත් හමුවූයේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔබ වහන්සේ සෙවු කරුණු තවමත් හමුවුයෙ නැතිනම් මට email එකක් එවන්න.thedigit2s@gmail.com

      Delete
    2. http://dittivisuddhi.blogspot.com/2014/05/03.html

      Delete
  2. මෙහි මුලින් කියා තිබෙනවා ශුද්ධාෂ්ඨක පිළිබඳ කරුණු ඉහත ලිපියක දක්වා ඇත කියා එම ලිපිය මෙහි තිබේ ද සෙවුවා නමුත් හමුවූයේ නෑ

    ReplyDelete