Monday, September 15, 2014

මාරයා යනු කවරෙක්ද?

මාරයා , යෙහෝවා , අල්ලාහ් , අහුරමස්දා හා කෘෂ්ණ ( කණ්හ )



මාර යන වචනය ආර්ය භාෂා වල මරණය , විනාශය හගවන යෙදුමකි. තථාගතයන් වහන්සේ මෙම වචනයට වෙනම නිරුක්තියක් ලබා දුන් සේක. බුදු දහමේ එන ලොමු දැහැගන්වන මාර සන්කල්පය නම් එයයි. සාමාන්‍ය බෞද්ධයෙකුට මෙම වචනයේ විශේෂ ආගන්තුක බවක් නොමැත්තේ එය ගැමි ව්‍යවහාරයටද එක් වී ඇති නිසාය. මාරයා යනු පුද්ගලයෙකි . එහෙත් ඒ වනාහි ගැමි වහරේ මාරයා යන්නට පරම ප්‍රතිවිරුද්ධ වූ මහානුභාව සම්පන්න පුද්ගලානුභූතියකි.

බුදු දහමේ මාරයා යනු බහුලව දැක්වෙන අයුරින්ම මේ කාම ලෝකයේ හිණි පෙත්තේ විජෘම්භමාන වන පරනිර්මිත වශවර්ති දිව්‍යලෝකයේ පාලකයාය. මාර කායික දෙවිවරු නම් වූ කාම ලෝක වාසී බලවත්ම හා ආනුභාවාත්මකම දේව නිකායේ නායකයාය. ( මින් දෙවනුව නීර්මාණරති දෙව් ලොව මනාපකායිකා දෙවිවරු වෙති. ) මාර යනු පදවියකි. එය මනුලොව සක්විති පදවිය. තව්තිසාවේ සක් දෙව් පදවිය  හා නිර්මාණරතියේ සුනිර්මිත පදවිය මෙන්ම පූර්වජයාගෙන් උරුම කරුවෙකුට තත් වූ පරිදි උරුම වන ප්‍රවේණික තනතුරක් බව සූත්‍ර දේශනා ආශ්‍රයෙන් පෙනේ. එසේම මෙම මාර පදවිය වනාහි පිරිමියෙකු මිස කිසි කලෙකත් ස්ත්‍රියක විසින් දැරිය නොහැක්කක් බව මජ්ජ්හිම නිකායේ බහුධාතුක සූත්‍රයේ මැනවින් අවධාරණය වේ. වර්තමානයේ මේ මාර පදවිය දරන්නා වශවර්ති නම් මාර කායික දෙවියාය. ඔහුට පාලි බසින්ම නම් රාශියක් ඇත්තේය.
මාරයා හා සමාන අධිපතියෙක් නැත. අධිපතීන් අතර මාරයාම ශ්‍රේෂ්ට වේ. මාරයා සතු බලය අසමානය. සන්යුක්ත නිකායේ මාර සන්යුත්තය කියවීමෙන් මාරයා පිළිබද දළ අදහසක් කෙනෙකුට ලබා ගත හැකිය. මෙහි අරමුණ නම් බුදු දහමේ මාරයා පිළිබද කරුණු පෙළ ගැස්වීම නොවේ . විද්‍යාත්මකව හා ශාස්ත්‍රීය ලෙස මාරයා අර්ථ නිරූපණය කිරීම හෙයින් මාර සන්යුත්තය කියවීම යෝග්‍යය. 
බුදු රජාණන් වහන්සේගේ ජීවිතයේ පළමුවම මාරයා මුණ ගැසෙන්නේ මහාභිනිෂ්ක්‍රමණ මොහොතේය. ඒ අවස්ථාවේ මාරයා අතිශය සුන්දර වූ විදුලි සැරයක රූපයකින් ආකාශයේ විරාජමානව පහත ගාතාව ප්‍රකාශ කළේය.
          මා නික්ඛම මහාවීර ඉතෝ තේ සත්තමො දිනෙ

          දිබ්බ ජන්තු චක්ක රතනන්  අද්ධා පාතු භවිස්සති.


මෙහි අර්ථයෙන්ම මාරයාගේ පරාක්‍රමය පිළිබද වැටහේ . මනුෂ්‍යයන්ගේ අග්‍ර රාජ්‍ය වූ චක්‍රවර්ති රාජ්‍යය ප්‍රදානය කිරීමේ බලයද මාරයා සතු වූවකි. මාරයාගේ බලය එතැනින් සීමා නොවේ සියලු දෙව් ලොව ඔහුගේ එකම අණසකට යටත්ය . අවීචියේ සිට පරනිම්මිතය තෙක් සියලු ලෝකවල ඒකායන ආධිස්වාමි මෙන්ම සියලු සතුන්ට අධිපති බැවින් මාරයාට ප්‍රජාපති යැයි කියනු ලැබේ. ( මූල පරියාය සූත්‍රය ) මාරයාගේ බල පරාක්‍රමය හා බුදුදහමට මාරයා අදාළ වන්නේ කෙසේ දැයි වටහා ගැනීමට හැකි මනා දෙබසක් මාරයා හා බුදු හිමියන් අතර ඇති විය මෙය සූත්‍ර ගණනාවක අඩ්න්ගු වේ. බුදු හිමියන් විදුරසුනේදි සර්වඥතා ඤාණය ලත් මොහොතේ මාරයා මහත් සේ කම්පා විය. ඔහු එකෙණෙහිම බුදු හිමියන් ගේ සිත් පිරිසිද එය කෙලෙසුන්ගෙන් මුක්තව සිය විජිතයෙන් පරිබාහිරව තමන්ගේ අවබෝධයෙන් දුරස්ව ඇති බව දුටුවේය. එහෙත් ඔහු පරාජය බාර ගැනීමට අකමැති වූයේ දස බිම්බරක් වූ සිය සෙනග සමග විත් විදුරසුන වැටලුවේය. මාරයා හා තථාගතයන් වහන්සේගේ සන්වාදය කෙටියෙන්ම සරල බසින් මෙසේය.

මාරයා : එම්බා ශ්‍රමණය මේ වජ්‍රාසනයේ කුමන බලයකින් අසුන් ගත්තේද. මෙය මගේ පින් බලයෙන් පහළ වූවකි. ( වජ්‍රාසනය වනාහි සක්වල මධ්‍යයයි. සම්පූර්ණ දෘඩ වූ දියමන්ති අසුනකි එය තරම් බලවත් දෙයක් කාම ලෝකයේ නැත. විශ්වාරම්භයේ සක්වල සෑදිමට කේතය සපයමින් මුලින්ම පහළ වන්නේද ලෝකාවසානයේදඉ අවසානයට විනාශ වන්නේද මෙයයි. )වහා නැගී සිටුව.
 බුදු හිමි : පාපී මාරය මම වනාහි සම්ස්ත විශ්වයේම  මෙහි අසුන් ගැන්මට එකම සුදුස්සා වෙමි. මේ ලෝකයේ මා හැර වෙනත් කිසිවෙක් මෙහි අසුන් නොගන්නේය. මම සම්මා සම්බුද්ධ වෙමි. සර්වතෝ භද්‍ර වෙමි.
මාරයා : නුඹ බුදු වූයේය, රහත් වූයේයයි පිළිණ කරයි. එහෙත් ශ්‍රමණය නුඹගේ ඇස තාමත් මා සතුය . ඇසට පෙනෙන රූපද මා සතුය. 
නුඹගේ කණ ද ඊට ඇසෙන ශබ්දද මා සතුය . දිවද දිවට දැනෙන රසද මා සතුය. .... මනසද මනසට දැනෙන ධර්මද මා සතුය. තා තවමත් මාගේ ග්‍රහණයේය. තගේ මනසින් නික්මෙන්නා වූද අන්තරීක්ෂයේ හැසිරෙන්නා වූද හුයෙන් මා තා බැද දමමි.

බුදු හිමි : ප්‍රජාපති වූ මාරය . නුඹ කී දේ සත්‍යය. මගේ ඇසද එයට දැනෙන රූපද නුඹගේමය.කණැද ඊට දැනෙන ශබ්දද නුඹගේමය ... මනසද ඊට දැනෙන ධර්මද නුඹගේමය. එහෙත් නුඹේ ඇසින් නුඹේම රූප දකින මට ඒවා කෙරෙහි ඇල්මක් නැත. තණ්හාව ප්‍රහීණව ගොසිනි. ...නුඹට අයත් මනසින් නුඹට අයත් ධර්ම විදින මට ඒ කෙරෙහි ඇල්මක් නැත. තණ්හාව ප්‍රහීනව ගොසිනි. මාරය මනසින් නික්මෙන්නා වූත් අතරීක්ෂයේ හැසිරෙන්නා වූත් ඒ නූල දුටිමි. මම එය සුණු විසුණු කළෙමි. තව දුරටත් නුඹගේ ග්‍රහණයට මා අයත් නොවන්නේය.

මෙය සූත්‍ර දේශනා වල මාරයා හා බුදු හිමියන් අතර වූ සම්ප්‍රයුක්ත සන්වාදයක් බව සළකන්න. ( මාරයා විමසූ අන්තරීක්ෂචර නූල පිළිබද වැඩි දුර තතු ත්‍රිපිටකයේ හමු නොවේ. අටුවාචාරීන් හා මහායානිකයන් මේ පිළිබද් විස්තෘත මත දරති. )

මේ අවස්ථාවේදි බුදු හිමියන් මහ පොළව කම්පාකර මරසෙනග පළවා හළ සේක. ( මේගැන නොයෙකුත් විස්තර පූජාවලි ග්‍රන්ථයේ අඩන්ගු වේ - බෝධි සම්බාර පූජා කථා )එසේම මාරයා  චක්‍රායුධයෙන් බුදුහිමියන්ට දමා ගැසූ බවද අටුවා වල සදහන් වේ.

 ඉහත සූත්‍රාන්ත විස්තරය දැක්වූයේ මාරයාගේ බලය පෙන්වාදෙනු පිණිසයි. බුදු දහමේ ලෝකය නම් ආධයාත්මික හා බාහිර ෂඩායතනයි .මාරයා ඒ දෙකටම අධිපතිය. වචනයේ පරි සමාප්තාර්ථයෙන්ම  මාරයා සර්ව ලෝකාධිපති (සබ්බ ලෝකාධිපති ) නාමයට ගෝචර වේ. එසේම බුදු දහම නම් සම්පූර්ණයෙන්ම මාරයාට විරුද්ධ වූ ක්‍රියා මාර්ගයකි. එය පටිසෝත ගාමිය. එනම් ලොව ගලායන ( දිශානත් වූ ) මාර්ගයට ප්‍රති විරුද්ධය. එන්ට්‍රොපිය හෙවත් අහඹුතාවය ශුන්‍ය කරවන ලෙස දිශානත වූවකි. එවැනි එකම ඉගැන්වීම නම් බුදු දහමයි. අන් සියල්ල තාපගති විද්‍යාවේ දෙවන නියමය ලෙසම එන්ට්‍රොපිය වැඩි කරවන ක්‍රියාවන්ම වන්නේය.

සූත්‍ර පිටකයේ මෙන්ම අටුවා වලද , විභාෂා හා මාධ්‍යමික දර්ශනයේද මාරයා පිළිබද ඇති කරුණු මැනවින් විමසා බැලූකල එක්තරා අසිරිමත් සත්‍යයක් ඉස්මතු වේ . එනම් මාරයා යනු මෙලොව සියලු ඒක දේව වාදි ( හින්දු , කතෝලික , ඉස්ලාම් , යුදෙව් , බහායි හා සරතුස්ත්‍ර )ආගම් අදහන සර්වබල ධාරි දෙවියන් බවයි. මෙයින් ආබ්‍රහමියානු දර්ශන වන ක්‍රිස්තියානි , යුදෙව් හා ඉස්ලාම් ආගම් එකම පුද්ගලයෙකු තම සර්වබලධාරි දෙවියන් ලෙස අදහතී. එය එම ආගම් වලම සදහන් වේ..  මේ ආගම් තුන වෙනස් වන්නේ ඒවායේ ශාස්තෲන්ගෙන් හා සන්ස්කෘතීන්ගෙන් පමණි. මින් යුදෙව් හා සියලු ක්‍රිස්තියානි ආගම් නම් එකම ( ගෙඩි පිටින් ) ආගමක නිකාය දෙකකි. සියල්ලට පසුව පහළ වූ ඉස්ලාම් ආගමේ කුරාණයෙන් මෙහි පූර්වාපර සන්ධි ගලපා පහදා දෙයි. ඒ අනුව ජේසුස් ( ඊසා )හා මෝසෙස් (මූසා) යනු මුහම්ම්මද් මෙන්ම මෙලොවට සර්වබලධාරි දෙවියන් විසින් එවනු ලැබූ දූතයන්ය (නබි ) . ලන්කාවේ ඉතා සුළු පිරිසක් මේ බව නොදනිති.
මෙහි ගැටලුව නම් සරතුස්ත්‍රාගමය හා හින්දු ආගම ගැනය . මේ දෙකම ඒක දෙව වාදි ආගම් වේ. එහෙත් මේ ගැන කුරාණයේ සදහන් නොවේ. ( අල්ලාහ් වරින් වර නබි වරු 124000 එවා ඇතැයි දැක්වුණද නම් වශයෙන් මේ ආගම් දෙක නොදැක්වේ. ) එහෙත් අසිරිමත් ලෙස ක්‍රි පූ 1000 දි පමණ බිහිවූ සරතුස්ත්‍රාගමය ඉහත දෙවියන්ම අදහන බව එහි දැක්වෙන නීති මලාව අනුව පෙනේ. එහි පණත් 13 කි. ඒවායේ ආබ්‍රහමියානු ආගම් 3 ම ඇති දස පණත ඒ පිළිවෙලින්ම අන්තර්ගත වීම විස්මය ජනකය. එකම දෙවියන් වූ සර්වබලධාරි දෙවියන්ට පමණක් නමස්කාර කරවයි එහි පණත් ද ආරම්භ වේ. සරතුස්ත්‍රාගමයෙහි දෙවියන් වන අහුරමස්දා යන්නට සමාන වචන කීපයක්ම අල්ලාහ් හැගවීමට යෙදේ. ( ටෝරාහ් )අල් බුඛාරි ග්‍රන්ථයේ අල්ලාහ් ගේ නම් ලැයිස්තුව පරිශීලනය කරන්න. අහුරමස්දා වනාහි ඇසින් දැකිය නොහැකි වූද . පරම විශ්වාසයෙන්ම ස්පර්ෂ කළයුතු වූද එකම සර්ව බලධාරි මැවුම් කාර දෙවියා ලෙස එම සමයේ සදහන් වේ.

සර්ව බලධාරි දෙවියන් වහන්සේ හෙවත් මාරයා මැනවින්ම අර්ථ නිරූපණය කර සියළු සැකයන් විජටනය කරනුයේ හින්දු ආගමයි. හින්දු ආගමේ මෙන් දෙවියන් වහන්සේ පහදා දෙන වෙනත් ආගමක් නැත්තේමය. මීට හේතුව නම් හින්දු ආගමේ ශාස්තෘන් වනාහි ආබ්‍රහමියානු ශාස්තෘන් මෙන් කාමභෝගි ගිහියන් නොව සිත් දියුණු කළ උතුමන් වීමයි. ඔවුහු දෙවියන් වහන්සේ ඇති සැටියෙන්ම දුටුවහ. හින්දු ආගම යනු බහුදේව වාදි දර්ශනයකැයි අල්ප ඤාණයක් ඇති අයට වැටහේ. නමුත් ඉතාම මූලධාර්මික පරම ඒක දේව වාදය හින්දු ආගමයි. හින්දු ආගමේ එසේ නම් දෙවි වරු රැසක් ඇත්තේ ඇයි දැයි ඔබ සිතනු ඇත. හින්දු ආගමේ ඇත්තේ එකම දෙවි කෙනෙකි. හෙතෙම නමින් කෘෂ්ණ වේ. අන් සියලු දෙවි වරු නම් පුද්ගලාරෝපණය කළැ ඒ සර්වබලධාරි දෙවියාගේ අවයවයන් වේ.
භගවත් ගීතාවේ දෙවියන් තමා ගැනම අර්ජුනට ප්‍රකාශ කරන ශ්ලෝක ඉතා ආකර්ෂණීයය. ඔහුට මෙලොව හා සත්වයා ගැන ඇති සැලැස්ම හා ඔහුගේ ධර්මය කුරාණයට හෝ බයිබලයට වඩා හොදින් එහි දැක්වේ. අර්ජුන වූකලි බලවත්ම ධනුර්ධරයාය. තම පිළිමල් සේනාවේ තමන්ගේ ගුරු වරයා හා ලොකු තාත්තා සිටින නිසා ඔහු යුද්ධයේදි පසු බායි. එහිදි ඔහුගේ රියදුරා ලෙස සිටින කෘෂ්ණ නොයකුත් අයුරින් ඔහුගේ සිත සතුරු සේනාව සමූල ඝාතනයට යොමු කරයි. ඔවුන් ඔහුට කළ වැරදි සිහිපත් කරවයි. එහෙත් අර්ජුන ඒ සියල්ලෙන්ම යුද්ධයට පෙළ්ඹවිය නොහැකි තැන භගවත් ගීතාවට ප්‍රස්තුත වූ සිද්ධිය ඇතිවේ. එක්වරම ඔහුගේ රියදුරා පෙළහර දැක්වීමට පටන් ගනී. කෘෂ්ණ. කාලය නවතා දමා අර්ජුන වික්ෂිපත කර තම සතුරන් මරන ලෙස අර්ජුනට අණ කරයි. එහෙත් කීකරු නොවන තැන කෘෂ්ණ තමා කවරෙක්දැයි ඔහුට පෙන්වයි. එය දැක අර්ජුන නම් වූ මහා පුරුෂයා වෙව්ලා යයි. ඔහු  දණින් වැටේ. එනම් විශ්ව රූපයයි. හෙවත් කෘෂ්ණ තම දිව්‍යමය රූපය ඔහුට පෙනවයි. vishvaroop එවිට ක්‍රිශ්ණතමා ගැන අර්ජුනට පවසන දේ භගවත් ගීතාවේ අඩන්ගුය.
 එහි මෙසේ දැක්වේ.

"මමම නමස්කාර ලැබිය යුතු එකම දෙවියන් වෙමි. අන් සියල්ලෝ මගේ අවයවයන් පමණි. "( බයි බලයේ පළමු පණත )
"මොවුන් සියල්ලෝම මවිසින් මරණයට නියම කරන ලද්ධාහුය. එය නිසැකව සිදුවේ. ලෝකය පාලනය කරනු පිනිස මමම මිනිසුන් කා දමමි. නුඹට මගේ තීරණ ප්‍රශ්න කිරීමට බලය නැත. නුඹ හුදෙක් මොවුන් නසනු පිණිස මගේ උපකරණයක් පමණක්ම වේ. මටම මරණය ( මාර ) යැයි කියනු ලැබේ."

පාලියෙන් මාරයාට කියන නාමයක් වනුයේ කණ්හ යන්නයි. මෙහි සන්ස්කෘත රූපය කෘෂ්ණය. අල් බුක් හාරියේ කන්හා (kanhaa )යනු දෙවියන් වහන්සේ ( අල්ලාහ් / යෙහෝවා ) හදුන්වන වචනයකි. මෙයින් මාරයා යනු දෙවියන්දැයි තිබූ අවසන් සැකයද දුරු වේ. මාරයා නම් මෙලොව බෞද්ධයන් හැර අන් සියලු දෙනා සරණයන දෙවියන් වහන්සේමය. 
ලෝකයේ ස්වාමියා වූ මාරයාගේ කාර්‍යය කුමක්දැයි ඔබට ගැටලුවක් පැන නගිනු ඇත. ඔහුගේ කාර්යනම් ලෝකය කළමනාකරණයයි. සිය අසීමිත බලයෙන් හෙතෙම ලොව පරිපාලනය කරයි. සිය පර්ෂදය වූ කාමලෝකයේ ජනයා කාමලෝකයේම හැසිරීම ඔහුගේ අභිලාෂයයි. බ්‍රහ්මලෝකෝපගමනය ට ඔහු විරුද්ධය. නමුත් පළමු බඹ තලයද ඔහුගේ අණසකට යටත් බව මජ්ජ්හිම නිකායේ මූල පණ්නාසකයේ අවසානයට පෙර සූත්‍රය වන බ්‍රහ්ම නිමත්තනික සූත්‍රයෙන් පෙනේ. එහිම යාබද සූත්‍රය මේ සන්සාරයේ භයානකත්වය මැනවින් පෙන්වන සූත්‍රයකි. එනම් මාර තජ්ජනීය සූත්‍රයයි. එහි විස්තරය සැකෙවින් මෙසේය.
සක්මන් කරමින් සිටි මුගලන් හිමියන්ගේ කුසට මාරයා පිවිසි පසු උන් වහන්සේ ඒ මාරයා බව දැනගනී. ක්ෂණිකව තමා හදුනා ගත් ආකාරය ගැන මාරයාට පුදුමය ඇතිවේ. එකල්හි උන්වහන්සේ අතීත සිද්ධියක් පෙන්වා දෙයි . දුසී නම් මාරයා සන්ජීව නම් අග්‍රශ්‍රාවකයන් වහන්සේට හිරිහැර කර අපාගත වූ අයුරුත් . ඒ දුසී නම් මාරයා අන් කවරෙක්වත් නොව තමන් බවත් මුගලන් හිමියන් පෙන්වා දෙයි. එනම් වත්මන් වශවර්ති මාරයාගේ මාමාය. මාරයා හැඳින්වීම සඳහා පාළි සාහිත්‍යයේ නම් රැසක් භාවිත වෙයි. අන්තක, වසවත්ති, පාපිමා, පජාපති, පමත්ත බන්ධු, කණ්හ, නමුවී හා මාර යන නම් පාලි නිඝණ්ඩුවේ දැක්වේ. මච්චු, මච්චුරාජ හා කාල යන පර්යාය නාම ද මොහු සඳහා යෙදී ඇත.
මේ අනුව මාරයාද සාන්සාරික සත්වයෙකි. කර්ම විපාකයක් ලෙසම මාරභාවය ලභා ඉන් චුත වේ. එහෙත් විවිධ උපක්‍රමයන්ගෙන් හෙතෙම චිර දීර්ඝ කාලයක් ජීවත් වේ. බුදු බව පතන බෝධිසත්වයෙක් කිසි කලෙක පින් වැඩිවී කාම ලෝකයේ මාර භාවයට නොපැමිණෙන බව මනෝ රථපූරණියේ හා පූජාවලියේ සදහන් වේ. බුද්ධ ශ්‍රාවකයන්ට එය අදාල නොවේ.මාරයාගේ කෘත්‍යය ගැන සදහන් වන තවත් සූත්‍රයක් නම් මජ්ජිම නිකායේම මජ්ජිම පණ්ණාසකයේ නිවාප සූත්‍රයයි. නිවාප යනු උගුලයි. මෙහි සදහන් ධර්ම පර්යාය සැකෙවින් මෙසේය. 
වනාන්තරයේ ( ආහාර හිග ශුෂ්ක වනයක ) එක් නේවාපිකයෙක් ඇල් වී හේනක් වපුරා නඩත්තු කරයි. මේ ඇල් වී කෑමට එන මුවන් දඩයම් කිරීම ඔහුගේ කාර්යයි.පළමු මුව රන්චුව පැමිණ ඇල්වී වලදා සිහිමද වූ පසු ඔහු මුවන් මරා කයි.
දෙවන මුව රන්චුව ඔහුගෙන් බේරීමට ඇල්වී හේනෙන් ඈතට ගොස් ජීවත් වේ. එහෙත් ඇල් වී නොකා ජීවත් වීම අමාරුය. ඔවුන් දුර්භික්ෂයෙන් මියයයි.
තෙවන මුව රන්චුව වැද්දා නැති විටක පැමිණ ඉක්මනින් ඇල් වී කා ආසන්නයේ ඇති ලැගුම් ස්ථානයක සැගවේ. එහෙත් වැද්ධා තම සේනාව මෙහෙයවා උන්වද දඩයම් කරයි.
 නුවණැති සිව්වන මුව සමූහයා සොරෙන් ඇල්වී වළදමින් දුරස්ථ ලැගුම් ස්ථානයක් ආශ්‍රය කරමින් වැද්ධාගේ මායාව අතික්‍රමණය කර ඔහු පරදවා පළා යති. ඒ අයුරින්ම විඥූන් උසස් ධ්‍යානයෙන් වාසය කරමින් ලෝකයෙන් හා මාරයාගෙන් ගැළවෙති. ධ්‍යාන ලැබූ පුද්ගලයා මාරයාගේ විෂය පථය අතික්‍රමණය කළ හෙයින් ඔහු මාරයාට නොපෙනේ. සිව්වන දැහන් ලද පුද්ගලයා මාරයා ආධාර නැති වන සේ අන්ධ කළේ යැයි කියනු ලැබේ. මාර විජිතයෙන් පිටවූ විට නිර්වාණය සාක්ෂාත් කිරීම පහසු කාර්යයකි. එහෙත් මාර බන්ධනය වනාහි වේපචිත්ති බන්ධනයටත් වඩා අතිශය සියුම් බැදීමකි.මාරයා මුලු ලොවම සිය වසගයේ පවත්වයි. ශ්‍රද්ධාවෙන් යුක්තව සීලයේ පිහිටා උසස් සමාධියෙන් යුතුව ප්‍රඥාව වඩන්නා වූ බුද්ධ ශ්‍රාවකයාම මාරයාගේ සූක්ෂ්ම බන්ධනයෙන් මිදී අජරාමර නිර්වාණ සුඛය ප්‍රත්‍යක්ෂ කරන්නේය.




25 comments:

  1. තෙරුවණ් සරණයි!

    ReplyDelete
  2. තෙරුවන් සරණයි!

    ReplyDelete
  3. තවත්.මෙලෙස සද්ධර්මය ප්‍රචාරණය කිරීමට ධහිර්‍ය්ය මෙන්ම ශක්තිය ලැබේවායි ද ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ශාව නොමදව ලබේවායි ද පතමි !

    ReplyDelete
  4. මාරයා (මට නම් 'ලොකු අයියා' නැත්නම් 'මාරතුමා') තමයි මේ සක්වළේ ඉන්න ලොකුම ලොක්කා!!! ඌ මේ ඉන්න තරමක් කුප්ප මිනිස්සුන්ට වඩා ගොඩාක් හොඳ කෙනෙක්!!! ඔක්කොටම වඩා, දැන් ඌත් අපේ කෙනෙක්!!! !!! !!!

    ReplyDelete
  5. ඔබට පුළුවන් නම් ... හා කැමතිනම් .. මගේ මේ ලිපිය සිංහලට පරිවර්තනය කර පලකලාට මගේ විරුදත්වයක් නැත ..

    http://jyotisha.00it.com/Depression%20Relief%20Buddhist%20law%20Karma%20and%20rebirth.htm

    ReplyDelete
  6. මාරයාත් දිනක මරණය දෙන මාරයා දැක ගන්නා... පඥ්ඥා බුද්ධ පහල කරණු වස් ආර්ය අෂ්ටාංගික මාර්ඟය දෙසනා කරසේක.!!!

    ReplyDelete
  7. මොඩ කම..දැන්.යෙහෙවා.දෙවියන් ලොකය සැදුව කියනව.විශ්වය සැදුව.කියනව.ඒහෙනම් දැන්.මෙ.මාර ලොකය හැදුවද? 😄 ඔක හරියට විශ්ව ශක්තිය කියල මොඩ බ්‍රරහ්මයන් හිරැට වදිනව වගෙ

    ReplyDelete
    Replies
    1. ඔවු. මාරයා කියන්නෙත් ඒ වගේ කතාවක් තමයි. පොඩ්ඩක් රැස් විහිදුවල "මම තමයි ඔක්කොම මැවුවේ" කියන බොරුව කිව්වහම මෝඩ මිනිස්සු උඩින්ම පිළිගන්නව. ඔය හැම දේව වාදී පොතකම තියෙන්නෙ ඔය එකම බයිලෙනේ.

      Delete
  8. මාරයා.කොහෙද මරනය දෙන්නෙ..අැල්ම..විතරයි.මාරයා.දෙන්නෙ.යම තමයි මරනය දෙන්නෙ.බුදුන් පවා බාගෙට.කියපු සත්ය මම කියනව බුදුන් කියුව නම් මම තමයි මෙ ලොකෙට අදිපති කියල ඒහෙනම්.ඔහුටත් ක්ලේශ තිබෙනව.මාර කියන්නෙ ලුසිෆර්..ඒ ගොඩක්.ලස්සන angel කෙනෙක්.ගැහැනු රැපයකින් තමයි මිනිසුන් ඉදිරියට ඒන්නෙ.ඒකයි යුදෙව්වන් ගැහැනුන් ගෙන් පරිස්සම් වන්නෙ.දැන් ලොකු ලොකු post ඔක්කොම බුද්ද තමන්ගෙම පුරැශ පාර්ශවයටම බෙදල නේද?😄 නිශ්වයක් නැති බව නොදැක්ක බුදුන් කොහෙමද බුදු උනෙ?ඒහෙනම් සත්ය.අවබොද කෙරැ.මටත් බුදු වන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. විශ්වයක් නැති බව බුදුන් කියල නැහැ.මායාව තුල ඉදගෙනම දහම දෙසුව

      Delete
    2. ඔබට ඇති ප්‍රශ්නය අපැහැදිළිය

      Delete
    3. උබ ගහපන් ලුසිෆෙර්ට ආප්ප. දැකපු එක්කෙනෙක් එක්කන් වරෙන්කො. උබලගේ ජේසුව මැරුවේ එකිද එතකොට. ඇයි බන් එතකොට ඌ මොකෙක්ද දෙයියෙක්ද පයියේක්ද. බුදුන් කිව්වේ නෑ බන් මං අධිපති කියල බුදුන්ට සම කරන්ඩ කවුරුත් නෑ එකෙන් ඔහු මුලු විශ්වයටම අධිපති වනවා. ලුසිෆෙර්ව දැක්කම යුදෙව්වන්ට ගෙදර ගෑ නි අමතක වෙලා පක නගිනවා ඇති ඒකයි උන් ඇත්ත. බාගයක් යුදෙව්වෝ කොලුකාරයෝ ඒකයි උන්ට ගැණුන් ගෙන් පරිස්සන් වෙන්ඩ කියල ඇත්තේ. ඈ බන් ඔය යුදෙව් කැරියෝ මැරුණේ නැද්ද බන් ආ... උබට පුලුවන්ද වේසියේ බුදු වෙන්ඩ. උබට පුළුවන් හැබැයි පුළුවන් ජේසුගේ අම්මා වගේ වටේ ගිහින් තාත්තා කෙනෙක් ළමයෙක් ජාතක කරන්ඩ පුළුවන් දෙයියෝ දුන්නා දුන්නා කියන්ඩ. කැරි වේසි....

      Delete
    4. මාරයා දෙන්නේ ඇල්ම නෙවේ ආතල් එක

      Delete
    5. පසන්, අශෙනි ලෝරන්ස් ට තියෙන්නෙ වෙනම අවුලක්. එයාට හරිම උවමනාවක් තියනව එයා අදහන ආගම නෝන්ඩි වෙන එකෙන් ගලවගන්න. හැබැයි එහෙම කරන්න එයාට වචන ගලපගන්න තේරෙන්නෙ නෑ. එයාට අඩුමගානේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන වචන වල සරළ තේරුමවත් තේරෙන්නෙ නෑ. එදිනෙදා ඇහෙන බුදු දහමේ වචන අල්ලගන නටනව.

      Delete
  9. ත්‍රිපිටකය මහායානය ගිනිතියපු නිමා කවුරැ හරි බ්‍රහ්මනයෙක් අාපහු.ත්‍රිපිටකය ලියල.ගැහැනුන් අැලජික් බ්‍රාහ්මනයන්ට.

    ReplyDelete
  10. Replies
    1. [මර සෙනඟ දැක දෙවිවරුන් බියවී පලා යද්දී එම මර සෙනඟ පලවා හැරීමට බුදුන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටියේ ශ්‍රී විෂ්ණු දෙවියන් හෙවත් ශ්‍රී ක්‍රිෂ්ණ ම බව පූජාවලියේ දැක්වේ.]

      හෑ ? එහෙම එකක් කොහෙද තියෙනවා කිව්වේ??? බැරිද උපුටලා දක්වන්න. මට පුජාවලිය ඔයාගන්න බැරි නිසයි ඒ ඉල්ලීම කලේ.

      මට අනුව නම්, බුදුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය වලට දෙය්යෝ මැද්දට පනින්නේ නැහැ සහ එහෙම එකක් අවශ්‍ය නැහැ. මොකද බුදුන් වහන්සේට සාපේක්ෂව එයාලා ඔක්කොම කෙලෙස් පිරුණු කට්ටිය. ( ධජග්ග සුත්‍රය බලන්න)

      මේවා මේ සාහිත්‍ය නිසා විකෘති වෙන ධර්මයට උදාහරණ. මොකද ඕක විස්වාස කරන එකා ඊළඟට බුදුන් වහන්සේ ගැන ඇතිවෙන්නේ අමුලිකා ශ්‍රද්ධාව.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඇයි කමෙන්ට් එක මැකුවේ?

      මට එහෙම හිතෙන්නේ නැහැ. සිමෙන්ති පොළවක හිදැස් තියෙනවා නම් විතරයි වල්පැල හැදෙන්නේ. කියවීමෙන් ද්වේශය හටගන්නවා නම්, ද්වේශය ඇත්තේ කියවන්නාගේ හිතේ මිසක් ලියවිල්ලේ නෙවෙයි. ( සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ)

      ලිවීමේ අඩුපාඩු තියෙනවා නම් හදන්න ඕනේ. නමුත් තමන්ගේ හිත අයිති තමන්ට. මට නම් ඔබගේ ඒවා කියෝලා ද්වේශයක් නෙවෙයි, හිනාවක් ආවේ. මේ ලිපියත් එමමයි.

      :D

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ලිඛිතෝ ඔව්ව ගනන්ගන්න එපා. එයා පොඩි ඇඩ් එකක් දැම්මෙ.....
      ඔය මනුස්සය පටලගන ඉන්නෙ අර දැඩිමුන්ඩ දෙවියන්ගේ කතාව වෙන්න ඕනි. අපේ ගොඩක් බෞද්ධයොත් විශ්නුයි වෙනුයි පටලවගනනේ ඉන්නෙ.

      Delete