Tuesday, January 27, 2015

බෞද්ධයා යනු කවරෙක්ද ?

                   බෞද්ධයා යනු කවරෙක්ද ?


බෞද්ධ යන වදන සන්ස්කෘත භාෂාවේ බුධ වාග් ධාතුවෙන් නිශ්පන්න වූවකි. වාච්‍යාර්ථයෙන් එය බුද්ධිමත්( Intelligent ) බව අදහස් කරයි. නමුත් බෞද්ධ යන වචනය යෙදෙන්නේ බුද්ධ හෙවත් ලෝකොත්තර සර්වඥ පදයට පත් උතුමාණන් සරණ ගොස් එම ප්‍රතිපදාව අනුගමනය කරන්නන් හැදින්වීමටයි. බෞද්ධ යන්නෙහි තත්භව හෙළ වදන වන බොදු යන්නද යථොක්ත අර්ථයම ජනිත කරයි.බෞද්ධයා හැදින්වීමට සන්ස්කෘත භාෂාවේ යෙදෙන තවත් වචනයක් නම් සෞගත යන්නයි. සුගතයන් වහන්සේ ( The Enlightened one ) සරණ ගිය යන්න  එහි අර්ථය වේ.



වරක් උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේගෙන් යමෙක් කොපමණකින් බෞද්ධයෙක් වේදැයි විමසීය. එයට බුදුරදුන් තෙරුවන් සරණයෑමෙන් බෞද්ධයෙක් වන්නේ‍යයි පිළිවදන් දුන්හ. එලෙස තෙරුවන් සරණ යෑමේ ප්‍රභෙද කීපයකි.පෘථග්ජනයා හා අර්ය ශ්‍රාවකයාගේ තෙරුවන් සරණයෑමේ වෙනසක් පවතී . සෝවාන් වූ පුද්ගලයාගේ සරණ නොබිදේ. නමුත් අන්‍යයන් විචිකිච්චා සීලබ්බත පරාමාස ප්‍රහීන කර  නැති නිසා සරණ බිදේ. එලෙස සරණ බිදුණු විට යළි සරණයේ පිහිටිය හැකිය. සෝවාන් තත්වයට පත් නොවූ සියලන්ගේම තිසරණය මරණයෙන් කෙලවර වේ. එහෙත් සෝවාන් වූයේ නම් මරණයෙන් පසුද තිසරණය  පවතින්නේය.


මේ සන්ක්ෂිප්ත ලිපිය ලිවීමට පාදක වූයේ වත්මන් සමාජයේ බහුතරය බෞද්ධයා යන්න නිසි පරිදි නිර්වචනය කරගෙන නොමැති වීමයි. බෞද්ධ කම වනාහි කිසිසේත්ම.


 1. දෙමව්පියන් හෝ පරම්පරාව සන්ස්කෘතියෙන් බෞද්ධයන් වීමෙන්
 2.දෙමව්පියන් හෝ පරම්පරාව සත්‍ය ලෙසම නියම බෞද්ධයන් වීමෙන්
 3. තමන් විසින්ම අනවබෝධයෙන් බෞද්ධයෙක් වෙමියි සිතා ගැනීමෙන්


නොලද හැක්කක් බව තරයේ වටහා ගත යුතුය.


මින්  මුල් කරුණු දෙක බෞද්ධ කමට කිසිසේත්ම අදාළ නොවේ. හුදෙ
ක්
 දෙමාපියන් බෞද්ධ වීම මගින් දරුවාට බෞද්ධ කමක් සම්ප්‍රේෂණය නොවන්නේය.එය ඇතැම් ආගම් වල පවතින්නක් වුවද බුද්ධ ධර්මයට අදාළත්වයක් නැත.


අද ලක්දිව සිටින බොහෝදෙනාද මේ අයුරින් තමන් බෞද්ධය
යි
 සිතාගෙන සිටින උප්පැන්න සහතික බෞද්ධයන් වෙති. නමුත් ඔවුන් තමන් බෞද් නොවෙන බව දැනගත යුතුසේම ඒ අනුව මේ රටේ වැඩිම ජන පිරිසක් අනුගමනය කරන ප්‍රධාන ආගමද බුද්ධාගම නොවෙන බව දැනගතයුතුය.  මන්ද සත්‍ය වශයෙන්ම බෞද්ධයන් ලක්දිව සිටීනම් ඒ ඉතා සුළු පිරිසකි.


ලෝකයේ සිටින්න සියලු බෞද්ධයන්  හමුදාවක තනතුරු ඉහළැ සිට පහළට පෙළගස්වන්නේ යම් සේද ඒ අයුරින් පෙළගස්වා දක්වා ඇත. මේ විග්‍රහය සූත්‍ර පිටකයේ ,
මජ්ජිම නිකායේ , කීටාගිරි සූත්‍රයේ දක්වේ.

බෞද්ධයන් සත් දෙනෙකි. සියලු බෞද්ධයෝ ශෘතවත් ආර්ය ශ්‍රාවකයෝ වෙති, අන් සියල්ලෝම අශෘත පෘතග්ජනයන් වන අතර අබෞද්ධයන් වේ.මේ බෞද්ධයන් අතරින් දෙදෙනෙක් කළයුතු කාර්ය අවසන් කළ ( කත කිච්ච ) තවදුරටත් හික්මිය යුතු නැති (අසේඛ )උතුමන් වන අතර අන් පස් දෙනාම හික්මෙය යුතු ( සේඛ ) පුද්ගලයෝ වෙති.


අසේඛ පුද්ගලයෝ.

1.උභතෝ භාග විමුත්ත මහ රහතන් වහන්සේ,

අෂ්ට සමාපත්ති සහිතව ත්‍රිවිද්‍යා අභිඥා හා ආසවක්ඛය ඤාණය ලබාගත් මහ රහතන් වහන්සේ.

2.ප්‍රඥා විමුත්ත මහරහතන් වහන්සේ.


අෂ්ට සමාපත්ති රහිතව ශුෂ්ක විදර්ශකව සත්‍යාවබෝධය කළ රහතන් වහන්සේ.


සේඛ පුද්ගලයෝ.


3.කාය සක්ඛී පුද්ගලයා


පන්ච ඕරම්භාගිය සන්යොජන ක්ෂය කළ අනාගාමි පුද්ගලයා.මොහු යලි කාම ලෝකයට නෝන උතුම් බ්‍රහ්මචර්යාවේ ස්ථාවර කෙනාය. තමා විසින්ම නිරෝධ සමාපත්තියට සමවැද කාය සාක්ෂි ලෙස නිර්වානය අත් විදිය හැකි එකම සේඛ බෞද්ධයාය.


4.දිටඨපත්ත පුද්ගලයා


සකදාගාමි ඵලයට පත් තැනැත්තා.


5.සද්ධා විමුක්ත පුද්ගලයා.


නොසැලෙන ශ්‍රද්ධාවට පත් සෝවාන් ඵලයට පත් තැනැත්තා

6.ධර්මානුසාරි පුද්ගලයා 


මගපල නොලත් සෝවාන් මාර්ගයේ ගමන් කරන . ධර්මය ඉගෙන එය අනුගමනය කරන පුද්ගලයා


7.සද්ධානුසාරි පුද්ගලයා 


අවබෝධයෙන් තෙරුවන් සරන ගිය බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මත්‍රයක් හෝ ඇති තැනැත්තා

මෙයින් පළමුවෙන්ම සද්ධානුසාරි බෞද්ධයෙකුගේ තත්වයේ සිට අසේඛ තත්වයට ලගා වීමට උත්සහ කළ යුතුය, සියලු බෞද්ධයන් මේ වර්ගීකරණයට අඩන්ගු වේ . මින් බහිර බෞද්ධයන් නොසිටී. තමා බෞද්ධදැයි පරීක්ෂා කොට අධි ශීල අධි චිත්ත අධි ප්‍රඥා වර්ධනයෙන්පවර වූ අර්හත්වය සාක්ෂාත් කිරීම සියලු බෞද්ධයන්ගේ ඒකායන අභිලාෂය හා නිෂ්ටාව විය යුතුය.

No comments:

Post a Comment