Tuesday, January 27, 2015

මහා පිපුරුම් වාදය හා බුදුදහම

මහා පිපුරුම් වාදය හා බුදුදහම


විශ්වයේ ආරම්භය පිළිබද ගොඩනගා ඇති විද්‍යාත්මක වාද අනුව මුල් තන ගන්නේ මහා පිපුරුම් වාදයයි. එය මේ තාක් සූත්‍රගත කල සියලු විද්‍යාත්මක වාද වලට වඩා තර්කයෙන් හා ප්‍රායෝගිකත්වයෙන් ඉහළ මට්ටමක පවතී. මෙනිසා එය සත්‍ය වශයෙන්ම සිදුවූ සන්සිද්ධියක් ලෙස ( නියමයක් ලෙස ) නූතන විද්‍යාඥයෝ බොහෝ දෙනෙක් පිළිගනිති. මහා පිපුරුමක් සත්‍ය ලෙසම එහි දැක්වෙන ආකාරයෙන්ම සිදු වුවද නැතද විශ්වයේ සියලු පදාර්ථ හා ශක්තීන් ඊට සමාන ක්‍රියාවකින් හටගත්තේ යැයි ඇදහීම බුද්ධි ගෝචර වේ.
මහා පිපුරුම පිළිබද නූතන විද්‍යාත්මක අර්ථ කථනය විමසා බලමු.

විශ්වයේ පවතින සියලු පදාර්ථ හා ශක්තීන් එක් කේවල ලක්ෂ්‍යයකට සන්කේන්ද්‍රනය වී පැවති අතර එම ලක්ෂ්‍යය අද දක්වාත් ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් පවතී.

එම ලක්ෂ්‍යයේ ප්‍රසාරණය හේතුවෙන් පදාර්ථය , ශක්තිය , කාලය හා අවකාශය නිර්මාණය වේ. මීට අනුව ප්‍රසාරනය ඇරඹීමට පෙර කාලය හෝ අවකාශය නොතිබුණි. ප්‍රසාරණය ආරම්භවීම සමගම කාලය හා අවකාශයේ පැවැත්මද ඇරඹිණි.
මහා පිපුරුමේ සන්සිද්ධි කීපයකි.


ගුරුත්වාකර්ෂණ කේවල්‍යය.

ආරම්භයේදි පවති ලක්ෂ්‍යීය ස්කන්ධයේ ගුරුත්වය අපරිමිත විය, වෙනත් ලක්ෂ්‍යයක් නොවීය.


උද්ධමනය

ඉහත ලක්ෂ්‍යීය ස්කන්ධය සමජාතීය ශක්තීන් අනන්ත ප්‍රමාණයකින් යුක්ත විය. හදිසියේම එම ශක්තීන්ගේ ආධාරයෙන් ඉමහත් වේගයකින් එම ලක්ෂ්‍යය පුපුරා ස්ඵෝඨනය විය.


ශීතනය.

ආරම්භයේදි විශ්වයේ උශ්ණත්වය අති විශාල අගයක පැවතුණු අතර ක්‍රම ක්‍රමයෙන් සිදුවන ශීඝ්‍ර ප්‍රසාරණය සමග එම උෂ්ණත්වයේ අඩු වීම සිදු විය.


ව්‍යූහන අවධිය


ආරම්භයේදි සමජාතීය ශක්තීන්ගෙන් හා සමජාතීය පදාර්ථයන්ගෙන් සමන්විත වූ විශ්වය පසුව නොයෙක් ආකාර විචිත්‍ර ශක්ති ප්‍රභේද හා පදාර්ථ බවට පරිණාමය විය. ආරම්භයේදි පැවති මූලික අන්ශු වලින් පළමුව හයිඩ්‍රජන් නිර්මානය වී න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් අද පවතින සියලු මූල ද්‍රව්‍ය සැකසිණ. තවද පදාර්ථයෝ තාරකා , නිහාරිකා , ග්‍රහයන් හා මන්දාකිණි සෑදීමට ආරම්භ විය

ඉහත මහා පිපුරුම සනාථ කරන ප්‍රධාන සාධකය නම් පසුබිම් විකිරණයයි. පසුබිම් විකිරණය අන්තරීක්ෂයේ  විසිර පවතින විශ්වයේ මුල්ම ශක්ති ප්‍රභේදය වේ. මෙය අධෝරක්ත පරාසයට අයත් වීම මහා පිපුරුම සනාථ කරයි. ඩොෆ්ලර් ආචරණය අනුව අධි වේගයෙන් ප්‍රසාරණය වන විශ්වය කරණ කොටගෙන තරන්ග අධෝරක්ත කලාපයට පිවිස ඇති බව නිගමනය කෙරේ.


දැන් අප බුදු දහමේ විශ්වාරම්භය ගැන දක්වා ඇති න්‍යාය විමසා බලමු.




එක්තරා කාලයකදි විශ්වය සන්වර්තනය වේ. ඒ කාලය විශ්වයේ පරිහානි යුගයයි. තවත් කාලයකදි විශ්වය විවර්තනය වේ එ ආරම්භක සමයයි.
පරිහානි කාලය  සන්වටඨ කල්පය ලෙසද සම්භව කාලය විවටඨ කල්පය ලෙසද හැදින්වේ.
බුදු දහම අවධානය යොමු කර ඇත්තේ මේ සමයන් වලදී සත්ව ප්‍රජාවට සිදුවන දේ සාකච්ඡා කිරීමට මිස අජීවි දෑ ගන විග්‍රහ කිරීම නොවේ. නමුත් සූත්‍ර දේශනා ආශ්‍රයෙන් මේ ගැන බොහෝ කරුණු ඒක රාශි කර ගත හැකිය.

සූත්‍රාන්තයේ සදහන් වන සන්වට්ඨ යන්න සන්කෝචනය හැකිළීම අදහස් කරයි. විවට්ඨ යන වචනය විවර වීම හා ප්‍රසාරණය වීම අදහස් කරයි. මහා පිපුරුම් වාදයේ පරිච්ඡේද ගණනක කරුණු ඉහත වචන දෙක තුළ ගැබ්වී ඇත.

 විවර්තනය යන්න හුදෙක් ප්‍රසාරණය පමනක් අදහස් නොකරයි. විවර්තනිය නම් භ්‍රමණය විය හැකි ලක්ෂ්‍යයකි.විවර්තනය නම් ඒ ලක්ෂ්‍යය වටා විභ්‍රමණය වීමේ ක්‍රියා වලියයි. අදද විවර්තනය යන වදන යෙදෙන්නේ එම අර්ථය ගෙන දීම සදහාය.

විශ්වය එක් කලෙක විවර්තනය වීම යනුවෙන් මහා පිපුරුමේ සදහන් ගුරුත්වාකර්ෂණ කේවල්‍ය න්‍යාය පැහැදිළි කරයි. එසේම එම ප්‍රසාරණය සමග ලෝක ධාතුන් ( මන්දාකිණි ) හා තාරකා නිර්මාණය වීම සිදුවේ.

සන්වර්තනය යනු හැකිළීමයි. ප්‍රසාරණය වන ලෝකය එක් අවස්ථාවකදී යළි හැකිළීමට භාජනය වේ. ඒද ප්‍රාථමික ලක්ෂ්‍යය කේන්ද්‍ර කරගෙනය. මෙය චක්‍රීය ක්‍රියාවලියක සිදුවිය යුතුම දෙයකි. පහත නිදසුනෙන් එය පැහැදිළි වේ

 පෘථිවි පෘෂ්ටයේ සිට වස්තුවක් සෘජුව ඉහළට ප්‍රක්ෂේපණය කළ හොත් එය ක්‍රමයෙන් ඉහළට ගමන් කොට නිශ්චල වී යළි පහළට ළගාවේ
ඒ අයුරින් විශ්වයද ප්‍රසාරණය වීම නැවතී සන්කෝචනය වීම සිදුවේ. ඒ සමය සන්වට්ට කප්ප ලෙස බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වේ.

.එම සන්කෝචනය හා ප්‍රසාරණය පිළිබද හබල් නියමයෙන් පැහැදිළි කරයි.

No comments:

Post a Comment