Wednesday, January 4, 2017

භූමිචාල සූත්‍රය හා භූමි කම්පා

භූමිචාල සූත්‍රය හා භූමි කම්පා




භූමිචාල  සූත්‍රය අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සදහන් වන රමණීය සූත්‍ර දේශනාවකි. තථාගතයන් වහන්සේගේ ජීවිතයේ අවසාන සමයේදී දේශිත සූත්‍රයක් වන මෙය බුද්ධ චරිතය හැදෑරීම උදෙසාද වැදගත්ය. නමුත් මෙහිදී ඒ සුතුර වෙනත් විෂය කෝණයකින් පිරිසිදීම සිදුවේ.


 මේ පෘථිවිය ශිලා ගෝලය (Lithosphere), ජල ගෝලය(Hydrosphre) හා වායුගෝලය (Atmosphere) යන කොටස් තුනකින් සමන්විතය. ඒ අර්ථ දැක්වීම දැක්වෙන ඉතිහාසයේ පැරණිතම  ප්‍රකාශනය මෙය වේ.මේ කාලයේ වෛදිකයන් සතුව පැවති ලෝක ප්‍රවෘත්තිය මේ හා සැසදීමෙන් තථාගතයන් වහන්සේගේ අද්භූත වූ අසම සම වූ ඤාණය වැටහෙන්නේය.



වෛදික හා උපනිශද් දර්ශනයේ පැවති පෘථිවියේ හැඩය නම් හතරැස් පැතලි හැඩයකි. ඒ පෘථිවිය තට්ටු හතකින් යුක්ත වූ පඩි පෙලක් ලෙස පවතින ව්‍යූහයක් ලෙස දක්වයි. 
චතුරස්‍ර වූ භූමිය සාගරයේ සිටින තල්මසුන්ගේ පිටෙහි දරා සිටින බවද ඒ සාගරය විශ්වය පුරා පවතින බවද එහි විශ්වාසය විය. භූමි කම්පා සිදු වන්නේ තල්මසුන්ගේ සෙලවීමෙනි. විෂ්ණු පුරාණයේ වරක් මෙබදු වූ ලෝකය ගිලෙන්නට යන විට විෂ්ණු ඌරෙකුගේ අවතාරය ගෙන මහ පොළොව ඔසවා තැබූ බවද , තවත් වරෙක මත්ස්‍යයෙකුගේ අවතාරය ගෙන පෘථිවිය ඔසවා ගත් බවද දක්වයි.
මෙය අජටාකාශ යුගය දක්වාම භාරතයේ පැවති මතයයි.

මෙසමයේම ග්‍රීසිය හා රෝමානු සභ්‍යත්වය තුළ ක්‍රි . ව. පස්වන සියවස් පමන දක්වා පෘථිවිය ඇට්ලස් නම් යෝධය ඔසවාගෙන සිටින රොටියක් බදු ව්‍යූහයක් යැයි දක්වන ලදී. තවද එසවීමේ අපහසුව නිසා ඇට්ලස් යෝධයා එය එක් උරහිසකින් අනෙකට මාරු කරන විට භූමිකම්පා වේ ‍යයි විශ්වාස කෙරිණි.

මින් බොහෝ කලකට පසුවද අජටාකාශ යුගය තෙක් පෘථිවිය ඉබ්බෙකු මත නැගි අලි තුන් දෙනෙක් විසින් ඔසවනු ලබන බව යුරෝපයේද ඇමරිකාවේද ජනයා විශ්වාස කළෝය.

නමුත් බයිබලය අනුව ලෝකය හා විශ්වය නිත්‍ය වූ නිශ්චල  දෙයකැයි යන වාදයක් පැණ නැංගේ බයි බලයේ පෘථිවිය නිශ්චල වූ ස්ථම්භ මත පිහිටවූ හතරැස් වස්තුවක් බවට සෘජු එලිදරව් ඇති නිසාය. මෙනිසා භූමි කම්පා වන්නේ දේව උදහසිනි. එසේ හෙයින් පොළොව ඇට්ලස් යෝධයාගේ සෙලවීම් නිසා සෙලවෙන බව පවසන්නන්ට මරණ දණ්ඩනය හිමි විය. කුරාණයද අනුව පෘථිවියේ හැඩය මෙසේ වේ . භූමි කම්පාද දේව උදහසින් සිදුවේ.


නමුත් පෘථිවිය පිළිබද ඒ සියලු ආකෘතීන්ට ප්‍රථමව තථාගතයන් වහන්සේ විසින් දක්වා ඇති ආකෘතිය නම් විස්මය ජනකය. තථාගතයන් වහන්සේ මේ ආකෙඋතිය භාවිතා කරනු ලබන්නේ භූ චලන සිදුවන ආකාරය විස්තර කිරීමටය. නැතුව පෘථිවිය ගෝලාකාර බව ඔප්පු කිරීමට නොවේ. නමුත් මේ ප්‍රකාශයෙන් පෘථිවියේ ගෝලාකාර භාවය මැනවින් පැහැදිළි කරයි.






ආනන්‍දය, මහාභූමිචාලයක ප්‍රාදූර්භාවය පිණිස මේ හේතූහු අටදෙනෙක. ප්‍ර‍ත්‍යයෝ අට දෙනෙක කවර අට දෙනෙක යත්:
1. ආනන්‍දය, මේ පොළොව දියෙහි පිහිටියා ය, දිය වාතයෙහි පිහිටියේ ය. වාතය ආකාශස්ථ වෙයි. ආනන්‍දය, යම් හෙයකින් මහා වාතයෝ හමත් නම් එබඳු කලෙක් වෙයි. හමන්නා වූ මහාවාතයෝ දීය කම්පිත කරත්. කම්පිත උදකය පොළොව සලයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ ප්‍රාදූර්භාවයට මේ පළමු හේතු ය. මේ පළමු ප්‍ර‍ත්‍යය යි.

මෙහි වාතය ආකාශස්ථ වෙයි වාතය මස්තකයෙහි ජලය පිහිටියේය යන ප්‍රකාශය මේ පෘථිවියේ පිහිටීම පිළිබද සත්‍යය වන්නේය. පෘථිවියෙන් පරිබාහිර වූ අජටාකාශයෙහි උඩ යට වශයෙන් දිශා නැත්තේය. එනිසා අභ්‍යවකාශයේ දිශා හදුනා ගන්නේ විභ්‍රමේක්ෂයක ආධාරයෙනි. එනිසා ජලය උඩ වාතය කීවද එහි විලෝමය කීවද පොළොවින් පිට සිට ලොව බලන්නෙකුට දෙකම හරිය. එය ඔහු සිටින ස්ථානයට සාපේක්ෂ වේ.

තවද මෙහි දැක්වූ කාරනය අදට ගැළපෙන ලෙස ප්‍රකාශ කළ හොත් අභ්‍යවකාශය තුළ වායුගෝලය පිහිටයි. එය තුළ ජලගෝලය පිහිටයි එය තුළ ශිලා ගෝලය පිහිටයි යනුවෙන් කිවද එය සත්‍ය වේ. මෙය අභ්‍යවකාශයේ සිට පෘථිවි මස්තකයට පැමිණෙන වස්තුවක් පසුකරන මග සළකුණු අනුපිළිවෙලයි. මෙහි විලෝමය කීවේ නම් වැරදිය.

මෙනිසා මේ සූත්‍ර පර්යාය දකින්නා එය දැකිය යුත්තෙ පෘථිවියට පරිබාහිර අභ්‍යවකාශයේ සිට පෘථිවියට පැමිණෙන ආකාරයෙනි. එසේ පැමිණෙන්නා සාගරය ඉලක්ක කොට පැමිණේ නම් ඔහු පැමිණෙන පථය මෙසේය

1.අභ්‍යවකාශය
2. වායුගෝලය 
3. සාගරය (ජලගෝලය )
4. සීමා ස්ථරය (ශිලා ගෝලය )





දැන් පිරිසුදු නුවණින් යුක්තව මෙහි අරුත දැන ගත යුතුය.  වායුගෝලය නම් ආකාශයේ පිහිටා ඇත. එය නිරවුල්ය නමුත් ශිලාගෝලය සම්පූර්ණයෙන්ම ජලයේ පිහිටා නැත. මන්ද සීමැග් ස්ථරය තුළ සාගරය පිහිටි බැවින් සීමැග් (SIMA)ස්ථරය පමණක්  ජලයේ පිහිටියා යැයි කීම සාධාරණ වන්නේයැයි කෙනෙක් කිව හැකිය . නමුත් සියල් ස්ථරය නම් සීමැග් (SIMA) ස්ථරය මත පිහිටයි එනිසා SIAL ස්ථරය ජලය මත නොපිහිටියා වන්නේය. එනම් මහාද්වීප ඇතුළු ප්‍රදේශ ජලය මත පිහිටා ඇත්තේ වක්‍ර මාර්ගයෙනි. මෙය දැක ගන්නේ කෙලෙසද?



පලමුව අවබෝධ කරගත යුතුවන්නේ මෙය භූ චලන විස්තර කරන ඉතා කෙටියෙන් එහෙත් මහත් නිරුක්ති සහිතව දෙසූ ආකෘතියක් බවයි. එනිසා එය සියල්ල සම්පූර්නයෙන් විස්තර කළ යුතු නොවේ. නමුත් එයින් සියල්ල විස්තර වේ. ඒ කෙසේද?

බුදුන් වදාරා ඇත්තේ ජල ගෝලය නොව උදක යන පාලි වචනයයි . උදක යන පාලි වච්නය ජලය නම් වේ ජලය නම් ඝණ , ද්‍රව හා වායු යන අවස්ථා තුනේම පවතින්නකි. සීමැග් ස්ථරය ජලය මත පිහිටියා යැයි කීම වක්‍ර වුවත්  එය ජල වාශ්ප සමග අති පිහිත වූ වායුගෝලය මත පවතින්නේය. ජල වාශ්පය සාගරය ඇථුළු ජල හෝලය සමග සන්තතික වන්නේය එනිසා සීමැග් ස්ථරයද සත්‍ය ලෙසම ජලය සමග සන්තතික වන්නේය.මෙවැනි ආකෘතියක් සත්‍යවන්නේ සෑම අතකින්ම වක්‍රවූ සම්පූර්ණයෙන්ම ගෝලාකාර වූ පෘථිවියකට බව දැන් ඕනෑම අයෙකුට වැටහෙනු ඇත.

දැන් මේ සූත්‍රයේ දක්වා ඇති භූ චලන යාන්ත්‍රණය දෙසට හැරෙමු. එය අවබෝධයට පෙර වර්තමාන විද්‍යාවෙන් භූ චලනය පහදන අයුරු දැන ගැන්ම වටී.



වත්මන් භූ විද්‍යාවේ භූ චලනය අර්ථ දක්වන්නේ පෘථිවිය තුල පවතින මැග්මා පෘථිවි මස්තකයට හෝ උපස්තර  වලට පැමිණ ප්‍රති සැකසුම් ක්‍රියාවලියේදී සිදුවන අතුරු පලයක් ලෙසයි. නමුත් මේ අර්ථ දැක්වීම මගින් කිසිවෙකුට භූමි කම්පාවක් ඇතිවන කාලය පූර්වානුමාන කිරීමට නොහැක.එනිසා මේ මොහොත වන තුරුත් විද්‍යාඝ්නයෙකුට භූමි කම්පාවක් ඇතිවන දිනය හෝ කාල වකවානුවක් හෝ කලින් දැනුම් දීමට් නොහැකිය. එයට හේතුව නම් භූමිකම්පාව අර්ථ දක්වා ගැනීමේ දෝෂයයි.

සූත්‍රයේ යාන්ත්‍රනය අනුව එසේ නම් වායුගෝලයේ ඇතිවන කැළඹිලි හා භූමි කම්පා අතර සම්බන්ධතාවක් තිබිය යුතුය. මේ සම්බන්ධතාවයක් පවතී යැයි භූ කම්පා පහද ආකෘතියෙන් විස්තර කළ නොහැක. එනිසාම එවැනි සබදතාවක් සෙවීමට වත් විද්‍යාඥයෝ උනන්දු නොවූහ.

නමුත් 2011 වර්ෂයේ මියාමි විශ්ව විද්‍යාලයේ කීර්තිමත් පර්යේෂක කණ්ඩායමක් වායුගෝලීය කුණාටු හා භූමි කම්පා අතර පැහැදිළි සබදතාවක් ඇති බව සොයා ගත් අතර නොයෙක් දත්තමගින් එය ඔප්පු කොට පර්යේෂන පත්‍රිකාවක් ප්‍රකාශ කළේය. මෙය සත්‍යයක් බව සැන් ෆ්‍රැන්සිස්කෝ විද්‍යාඥ සැසියේදී පිළිගැනිණි. නමුත් මේ සංසිද්ධිය වත්මන් ආකෘතියෙන් පැහැදිළි කළ නොහැකි නිසා  නව ආකෘති රැසක් වායුගෝලය හා ශිලා ගෝලය සම්බන්ධ කරමින් ගොඩ නැගී ඇත. තවත් ආකෘති ඉදිරියේදි බිහි වනු ඇත. මේ සියලු ආකෘති වල ජල ගෝලය හා සාගරය සම්බන්ධ වේ. මෙයින් ඇති වාසිය වන්නේ මෙලෙස සබදතාවක් විද්‍යාත්මකව සොයා ගැනීමෙන් භූමි කම්පාවක් වීමට පෙර එය පෙරැයිම් කිරීමට හැකිවීමයි.
https://www.sciencedaily.com/releases/2011/12/111208121016.htm


මේ සූත්‍රයේ පලමු වදන් කිහිපයෙන්ම වසර දහස් ගනනක් මිනිසුන් විසින් සොයා නොගත් රහස් රැසක් හෙළිදර්ව් කරන්නේය. සර්වඥ භාෂිතයක් බව වටහා ගැන්මට තවත් සාක්ෂි කුමටද?


" ආනන්දය, තථාගතයන් වහන්සේ අතෙහි තබන ලද නෙල්ලි ගෙඩියක් යම්සේ දක්නේද ඒ පරිද්දෙන් ලෝකාවලෝකනය  කරන සේක   "


භූමිචාල සූත්‍රය අනෙක් කරුණු 7 මේ ගැන මෙහි විස්තර නොකරන ලදී. ඕනෑ තරම් ලේඛන සොයාගත හැකිය. 





No comments:

Post a Comment