ග්‍රහ චලිතය , කාලය හා බුදු දහම
බුදුදහම දේශනා වශයෙන් දෙයාකාර වේ. ඒනම් සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා යනුවෙනි. සත්‍ය ලෙස විද්‍යමාන වන ලෝකය යන ප්‍රඥප්තියෙන් නොමිදී පෘථග්ජනයන්ගේ අවබෝදය පිණිස දේශිත දේශනා සම්මුති දේශනාවන්ය. සූත්‍ර පිටකයේ සදහන් වන සියලු දහම් කොටස් දම් සබාවට රැස්වූ ශ්‍රාවකයන් මූලික කොට හා වරින් වර මුණ ගැසුණු දෙව් මිනිසුන්ට අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම පර්යායන් හෙයින් ඒවා සියල්ල සම්මුති ගණයට වැටේ. අභිධර්මය වනාහි සම්මුති පරමාර්ථ දේශනා දෙකින්ම ගහණය. පරමාර්ථ 4 කි . රූප පරමාර්ථය හෙවත් ධාතු එක්වීමෙන් සැකසුණු සත්‍ය වූ අනිත්‍ය ලෝක ස්වභාවය, චිත්ත පරමාර්ථය හෙවත් සත්වයාගේ විඥාණයේ අනිත්‍ය වූ පැවැත්ම, චෛතසික පරමාර්ථය හෙවත් සිත් වල ගුණයන්ට දායකවන සන්යුතිය හා සියලු සන්ස්කාර ලෝකයෙන් මිදී අසන්ඛතව පවතින නිර්වාණ ධාතුවේ පැවැත්ම වූ නිබ්බාණ පරමාර්ථයයි.ඇස කණ නාසය දිව කය හා මනස යන සළායතනයන්ට අරමුණු වන භෞතික ප්‍රපන්ච සියල්ල රූප පරමාර්ථයට අයත් වේ . එනම් රූප කලාප වලින් සෑදී ඇත. රූප කලාප ශුද්ධාශ්ටකයේ සිට ද්වාදසක කලාප දක්වා පවතී. සළායතනයන්ට ගෝචර වන සියල්ල ඒවායින් සෑදී ඇත.
ධාතු යන වදන මූල සන්ඝටකය යන අර්ථය දනවයි. මෙය ශුද්ධාශ්ටක නිර්මාණයට දායක වන ආපෝ තේජෝ වායෝ පඨවි ආදී මහා භූත රූපයන් හැදින්වීමට යෙදෙන්නා සේම කිසියම් ද්‍රව්‍යයක සෑදී අත්තී ආසන්නව හෝ එක සමාන ඒකාකාරී කොටස් වලින් නම් එවැනි එක් කොටසක් හැදින්වීමටද යෙදේ.
උදා: ශාරීරික ධාතු.
ලෝක ධාතු
ආලෝක ධාතු.
රූප ධාතු
සද්ද ධාතු.
ආපෝ , තේජෝ ධාතු මෙන් ඉහත දැක්වූ ධාතූන් මූල සන්ඝටක නොවේ. ඒවා තව දුරටත් වෙන් කල හැකි වූ සැබවින්ම අවසානයේ සතර මහා ධාතූන් ගෙන්ම සෑදුණු කොටස් වේ. එහෙත් වටහා දීම පහසු කරනු පිණිස සම්මුති දේශනාවේදී මෙලෙස පෙන්වා දී තිබේ.මේ ගැන විස්තර කර දෙන ඉතා ආකර්ෂණීය සූත්‍ර දේශනාවක් ලෙස සන්යුත්ත නිකායේ ධනුග්ගහ සූත්‍රය පෙන්වා දිය හැක.
මේ සූත්‍රය මෙසේය.
ජවසම්පන්න දුනුවායන් සතර දෙනෙක් අධික වේගයකින් දුනුදිය ඇද සතර දිශාවන්ට හී සර සතරක් විදී. තවත් ජවසම්පන්න පුරුෂයෙක් ඒ දුනුවායන් හී විදිනවාත් සමගම අධික වේගයකින් චාපයක ගමන් කර ඒ හී තල බිමට පතිත වීමට පෙර ග්‍රහණය කර ගනී. මේ පුරුෂයාගේ වේගය ඉතා විශාලය. එහෙත් එම පුරුෂයාට වඩා මහත් වූ වේගයකින් සූර්ය චන්ද්‍රයන් ගමන් කරයි. සූර්ය චන්ද්‍රයන් ගමන් කරන වේගයට වඩා අතිමහත් වේගයකින් සූර්ය චන්ද්‍රයන් ආශ්‍රය කොට දිවෙන දෙවියන් ගමන් කරයි. ඊට වඩා වේගයකින් සාන්සාරික සත්වයාගේ ආයුෂය ගෙවීයයි.
මේ සූත්‍රය විග්‍රහ කර ගැනීමට මෙහි දැක්වෙන උපමාව ඉතා වැදගත්ය. තථාගතයන් වහන්සේ උපමාවට යොදාගන්නේ සරලරේඛීය චලිතයක් නොව වෘත්ත චලිතයකි. සත්‍ය වශයෙන්ම තරමක හෝ ගණිත දැනුමක් ඇති භෞතික විද්‍යාව හැදෑරු අයෙකුට දුනුවායන් සතර දෙනා විදින ඊතල බිමට වැටෙන්න නොදී අල්ලාගන්නට ඔවුන් වටා පථයක චලනය වන පුද්ගලයාගේ පථය වෘත්තාකාර නොවන බව වැටහෙනු ඇත. ඔවුන් සතර දෙනා එකම වේගයකින් ඊතල ප්‍රක්ෂේපණය කළත් ඊතල අහුලන්නා එක් ඊතලයක් අල්ලා අනෙක් හීයට ළගාවන කාලය තුළදී එම හීය පළමු හීයට වඩා මද දුරක් වැඩිපුර විස්ථාපනය වී ඇති නිසා ඔහුට වැඩි කෝණික විස්ථාපනයක් කරන්නට සිදුවේ. මෙනිසා ඔහුගේ පථය ඉලිප්සාකාර එකකි.
මෙම පුද්ගලයාගේ වේගය උපමාවක් ලෙස ගනු ලැබුවේ සූර්යයාගේ හා චන්ධ්‍රයාගේ වේගය ඊට වඩා විශාල බව දැක්වීමටයි. එදවස සූර්යයා හා චන්ද්‍රයා රථ දෙකක් යැයි සමාජය සැළකූහ. සුර්යයාට පොළොව වටායාමට දිනක් ගතවේ . මෙනිසා මේ ග්‍රහ වස්තු වල වේගය ඉතා අඩු යැයි සළකන ලදී. මෙහි දක්වා ඇති උදාහරණය දෙස බලමු. පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමනය වන්නේත්. චන්ද්‍රයා පෘථුවිය වටා පරිභ්‍රමණය වන්නේත් ඉලිප්සාකාර කක්ෂවලය. මේබව ජොහැන්සන් කෙප්ලර් විසින් පළමුව සොයාගෙන නිව්ටෝනීය සමීකරණ වලින් ග්‍රහ චලිතය පහදන ලදී. මෙලෙස පථයන් ඉලිප්සාකාර වීමට හේතු වූයේ පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන වේගය සූර්යයාගේ කාක්ශික ප්‍රවේගයට වඩා වැඩි වීමත් සූර්යයාගේ වියෝග ප්‍රවේගයට වඩා අඩු වීමත්ය. පෘථිවිය හරියටම සූර්යයාගේ කාක්ෂික ප්‍රවේගයට අඩු කළ හොත් එය වෘත්තාකාර පථයකට පිවිසේ. තවත් අඩු කළ හොත් ප්‍රක්ෂිප්තාකාරව සූර්යයා මතට වැටේ. පෘථිවි පරිභ්‍රමණ වේගය වියෝග ප්‍රවේගය තෙක් වැඩි කල හොත් පෘථිවිය පරාවලයික පථයක ගමන් කර සෞර ග්‍රහ මණ්ඩලයෙන් නික්මී යයි.
ජොහැන්සන් කෙප්ලර් විසින් මෙම ඉලිප්සාකාර චලිතය අනාවරණය කළද අද සොයාගෙන ඇති පරිදි නිශ්චිත වූ කක්ෂවල චලනය වන ග්‍රහ වස්තු කිසිවක් නොමැත. ඇතැම් විට ග්‍රහ වස්තු වල චලනයන් අපගමනය වේ . අක් වක් රටා ඇති කරයි. එලෙස සිදුවන්නේ ඇයි දැයි විස්තර කර දීමට පෞරාණික භෞතික විද්‍යාව මෙන්ම නූතන විද්‍යාවද අසමත් වී ඇත. මේ අනුව සූර්යයා වටා පෘථිවියේ චලිතයත් .පෘථිවිය වටා චන්ද්‍රයාගේ චලිතයත් වඩාත් සමාන වන්නේ ධනුග්ගහ සූත්‍රයේ ජවසම්පන්න පුරුෂයාගේ චලිතයට මිස නිව්ටෝනිය කෙප්ලර් චලිතයට නොවේ. කෙප්ලර් විසින් ග්‍රහචලිතය අනාවරණය කර බොහෝ කලක් යනතුරු සූර්යයා ග්‍රහමණ්ඩල කේන්ද්‍රය වශයෙන් නිශ්චලව ඇතැයි සියල්ලෝම විශ්වාස කළහ. නමුත් පසුව මේ විශ්වයේ කිසිදු වස්තුවක් නිශ්චලව නොමැතිබව විද්‍යාඥයන් විසින් අනාවරණය කරගන්නා ලදී. සූර්යයා තම ග්‍රහ මණ්ඩලය සමග ක්ෂීරපථයේ මධ්‍යය වටා පරිභ්‍රමණය වේ. ඒද ඉලිප්සාකාර කක්ෂයකය. ක්ෂීරපථයේ භ්‍රමණ වේගය ආසන්න වශයෙන් තත්පරයට මීටර 24000 පමණ වේ.
මේ සූත්‍රයේ සිටින දුනුවායන් සිව් දෙනා දිගින් දිගටම නොනවත්වා හී විදින බවත් ජවසම්පන්නයා නොනවත්වා හී අහුලන බවත් සිතමු. දුනුවායන් සතර දෙනාගේ සන්යුක්තය මදක් හෝ ඉදිරියට ගිය හොත් කුමක් සිදුවේද? හී සර අල්ලන්නාගේ පථය සර්පිලාකාර වන්නේය. වර්තමානයේ සොයාගෙන ඇති පරිදි අප සූර්යයාද රැගත් ක්ෂීර පථයද ඉමහත් වේගයකින් උත්තාරණය වේ.ක්ෂීරපථයෙන් පිටත ඇති අවස්ථිති සමුද්දේශ රාමුවක සිට නිරීක්ෂණය කරන විට සූර්යයාගේ චලිතය සර්පිලාකාරව දැකිය හැක්කේය.සූත්‍රය අනුව සූර්ය චන්ද්‍රයන්ගේ වේගය හී අහුලන ජවසම්පන්නයාගේ වේගය්ට වඩා විශාලය. සූර්යාගේ වේගයට වඩා ඔවුන් ආශ්‍රය කර දිවෙන දෙවියන්ගේ වේගය වැඩිය යනුවෙන් ඊළගට දැක්වේ. මේ ප්‍රකාශය වටහාගැනීමට නම් මෙම ස්ථානයේදී දෙවි යනුවෙන් දක්වා ඇත්තේ කුමක්දැයි භාෂාත්මකව වටහාගත යුතුය.
දේව යන පාලි වදනින් ජීවී අර්ථයක් මෙන්ම අජීවී අර්ථයක්ද සැපයේ. නමුත් සින්හලෙන් දේව කිව්විට සිතේ මැවෙන්නේ ඔටුනු පැළදි ආභරණ ලාගත් දෙවිවරුය. පාලි හා සන්ස්කෘත භාෂාවල දේව යන වචනය බලවත් අජීවී වස්තූන්ට ව්‍යවහාර විය.
දේවෝ වස්සතු කාලේන- සස්‍ය සම්පත්ති හෝතු ච
යන පාලි පාඨය ඇතැම් අව්‍යක්ත භික්ෂූන් පවා" දෙවියන් නිසි කල වැසි දේවා" යැයි වැරදියට පරිවර්තනය කරයි. නිසිකල වැසි ලැබීමට දෙවියෙකුගේ ඇති සම්බන්ධයක් නැත. මෙම පාලි දේව යන වචනයේ අර්ථය නම් වැස්ස යන්නයි. මෙම පාඨයද වැස්ස නිසි කල වැටේවා ලෙස නිවැරදි විය යුතුය. දේව යන්න වැස්සට පර්යාය වචනයකි එමෙන්ම ගින්න , ජලය, පොළව වැනි අජීවි වස්තූන්ටද සමාන වචනයකි. මෙහි හිරු සදු අසුරු කර පවත්නා දෙවියන්නම් ආලෝකයයි. ආලෝකයේ වේගය චලනය වන ග්‍රහ වස්තූන්ට වඩා විශාලය. කිසිදු පදාර්ථයකට ආලෝකයේ වේගයට ළගාවිය නොහැක. එනිසා මේ ප්‍රකාශයද නිරවද්‍යය. මෙම සූත්‍රයේ නිගමනය හෙවත් මස්තකප්ප්‍රාප්තිය නම් අවසන් ප්‍රකාශයයි උපන්නා වූ සත්වයන්ගේ ආයුෂය ආලෝකයේ වේගයට වඩා වේගයකින් ක්ෂය වී යයි.
මෙය නූතන විද්‍යාවෙන් සොයා නොගත්තකි. ඇල්බට් අයින්ස්ටයින් විශ්වාස කලේ කාලයද ආලෝකයේ වේගයෙන් වැය වනබවයි. නිවුන් විරුද්ධාභාසය( Twin paradox ) යන සන්කල්පයෙන් ආලෝකයට ආසන්න වේගයකින් ගමන් කරන පුද්ගලයෙක් අඩු වේගයකින් වයස්ගතවන බව ඔහු පෙන්වා දුනි. නමුත් කිසි කළෙකත් එම විෂයෙන් වියපත් වීම ජරාවට පත්වීම වැලැක්විය හැකි නොවේමය. මන්ද ආයුෂය හා කාලය යනු සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රපන්චයන් බැවිනි. මෑත් කාලීනව කාලය හා ක්ෂේත්‍ර ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ප්‍රචාරනය වන බව විද්‍යාවෙන් සොයාගන්නා ලදී.
මෙනිසාම ආර්ය පර්යේෂණ සූත්‍රයේදි තථගතයන් වහන්සේ මෙසේ වදාලහ.
" සත්වයා තමා ජරාවට පත් වීමෙන් ව්‍යාධියට පත්වීමෙන් මරණයට පත්වීමෙන් නොමිදී තවත් ජරාවට පත්වන විනාශයට පත්වන එයින් නොමිදුණු දෙයක්ම සොයයි නම් එය උතුම් පර්යේෂණයක් නොවේ.
තමා ජරාවට පත්වන්නෙකුව මිය යන්නෙකුව සිටිමින් ජරාවට පත් නොවන මියනොයන විනාශ නොවන දෙය ( නිර්වාණය )සොයන්නේද , එයම උතුම් වූ පර්යේෂණය වේමය."
ela
ReplyDeleteamezng!!!!!!
ReplyDeleteතවත්.මෙලෙස සද්ධර්මය ප්‍රචාරණය කිරීමට ධහිර්‍ය්ය මෙන්ම ශක්තිය ලැබේවායි ද ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ශාව නොමදව ලබේවායි ද පතමි !
ReplyDelete