Saturday, October 29, 2016

මහා පට්ඨාන විශ්ලේශණය 02

පරමාණුක ස්ථිතිය හා පට්ඨානය


පරමාණුක න්‍යෂ්ටිය පිළිබදව  ඉදිරිපත් වූ වාද රැසකි. ප්ලම් පුඩිම ආකෘතියේ සිට වර්තමානයේ පිළිගැනෙන ශ්‍රෝඩින්ගර් ආකෘතිය තෙක් බොහෝ දෙනා විවිධ වාද ඉදිරිපත් කළහ. අනාගතයේදීද තවත්නොයෙක් වාද බිහිවනු ඇත. නමුත් වර්තමාන දැනීම වූකලී ගණිතමය වූ පැහැදිළි දර්ශනයකි. අනාගතයේ යම් වාදයක් පහළ වේ නම් මේ ආකෘතියේම වැඩිදියුණු වීමක් අපේක්ෂා කළ හැකිය.ක්වාන්ටම් භෞතිකය ආශ්‍රයෙන් පරමාණුක වාදයන් පහදා දීම මෙහි අරමුණ නොවේ. මෙය ඉතා සරල උසස් පෙළ රසායන විද්‍යාව මගින් පට්ටානයේ ප්‍රත්‍ය කිහිපයක යෙදීම වටහා ගැනීමකි.

මෙහිදී හටගන්නා ගැටලුව නම් පට්ඨානය මේ පද්ධතිය සදහා යෙදිය හැකිද යන්නයි.එය පහත පරිදි වටහා ගත යුතුය.පරමාර්ථ ධර්ම පිළිබද විද්‍යාව නම් අභිධර්මයයි. පරමාර්ථ යනු සත්‍ය වශයෙන්ම ඇති දේය. ඔබ මේ අවස්ථාවේ කියවන ලේඛනය සත්‍ය වශයෙන්ම නොපවතී. ඔබේ ඇසද ඇත්තටම නැත. මනසද සත්‍ය වශයෙන්ම නැති දෙයකි. මන්ද ඒ සියල්ල බෙදා වෙන්කර සන්ඝටක පෙන්වා දිය හැකිය. ඒ අයුරින් සියලු රූපයන් සත්‍ය වශයෙන් පවතින් රූප 28 කට ( අති සියුම් ) බෙදා දක්වා ඇත. ඒ ආපෝ , තේජො වායො ආදි රූපයෝ පවතී. බුදු දහම කිසිකලක භෞතික ලෝකය ප්‍රතික්ෂේප නොකරයි. මේ ලෝකය සිහිනයක් නොවේ. ඉන් අවදි වීම නිර්වාණයද නොවේ. මෙහි ඇත්තටම පවතින දේ ඇත. සූර්යයා වනාහි ඇත්තටම පවතින දෙයක් නොව පරමාර්ථයක් නොව යැයි පවසන්නේ එය බෝහෝ තේජෝ ධාතු ප්‍රකට ශුද්ධාශ්ටක සමූහයක් වීම නිසාය. සූර්ය කිරණද ඇත්තක් නොවන්නේ ඒ අයුරිනි. රූපය පරමාර්ථයක් වන්නේ එනිසාය. මනසද බොරුවකි. නමුත් එය සම්පූර්ණ මායාවක් නොවේ . මනස විඤ්ඤාණය යනුවෙන් දැක්විය හැකි නොසිදී පවතින චිත්ත පරම්පරාවක් ඇත. ඒ චිත්ත වූ කලි සත්‍ය ලෙස පවතින දෙයකි. මායාවක් නොවේ. නුවණින් එහි පැවැත්ම දැකිය හැකිය.එනිසා චිත්ත පරමාර්ථ වේ චෛතසිකද එසේය. මේ තුනෙන් පරි බාහිරව සත්‍ය ලෙසම ඇති තවත් පරමාර්ථයක් ඇත එනම් නිර්වාණයයි. එය ඉහත වේදනා කාරක වූ පරමාර්ථයන්ගෙන් මිදීමේ එකම ක්‍රමයයි.

පරමාර්ථයක් වූ සිත් වල පැවැත්ම සත්වයාට බෙහෙවින් වැදගත් වන නිසා පට්ඨානය චිත්ත චෛතසික කර්තෘ කර ඒ දෘෂ්ටියෙන් දේශනා කර ඇත. පට්ඨානය ප්‍රායෝගික ක්‍රියාවකි. සිද්ධාන්තයක් නොවේ. එනිසාම සත්වයාගේ චිත්ත චෛතසික කෙරෙහි අවධානය යොමු කළ යුතුමය. නමුත් බුද්ධ නියමයක් බදු වූ පට්ටානය පරමාර්ථ රූපයන්ට නිසැකව ගැළපේ.කරුණු පහදා දීමට මහේක්ෂීය ලෝකයෙන් ගෙනහැර දක්වා ඇති උදාහරණ පවා රූපයන් හා සම්බන්ධය. එනිසා අංශුමය වූ ලෝකයේ උදාහරණ මැනවින් ගැළපෙනු ඇත.

වර්තමාන දැනුම අනුව පරමාණුව ඉතා කුඩා වූ මධ්‍ය සන්කෙන්ද්‍රිත න්‍යශ්ටියක් ඇති ඉලෙක්ට්‍රෝන වලින් හාත්පස ගැවසීගත් අවකාශය ඇති වස්තුවකි.ඒ ඉලෙක්ට්‍රෝන වල පැවැත්ම හා හැසිරීම භෞතික නියමන්ට අනුකූල වේ.ඉලෙක්ට්‍රොන රිසි සේ සෑම තැනම පැවතිය නොහැක. ඒවා කාක්ෂික තුළ පවතී. කාක්ෂික යනුවෙන් විශේෂ වස්තු නැත. අවකාශය තුල සුවිශේෂ ජ්‍යාමිතික හැඩයන් අනුවෑක් ඉලෙක්ට්‍රෝනයකට විසිර පැවතිය හැකිය.  එයට පැවතීමට අවකාශය අවශ්‍යය. මේ අවකාශයන් s, p, d, f  ආදී වූ කාක්ශික වේ. මේ අවකාශයෙන් තොරව ඉලෙක්ඨ්‍රෝනය නැත. එනිසා අවකාශය ඉලෙක්ට්‍රෝනය පැවතීමට ප්‍රත්‍ය වේ.පට්ඨානය අනුව නම් එය නිඃශ්‍රය ප්‍රත්‍යයයි. තවත් ගැඹුරට ගිය හොත් අවකාශය ඉලෙක්ඨ්‍රෝනයේ පැවැත්මට පුරේජාත නිඃශ්‍රය ලෙස ප්‍රත්‍ය වේ. ( අවකාශය පළමුව පහළ වූ නිසා ද ඉලෙක්ඨ්‍රෝන ශුද්ධාශ්ටක එක් වීමෙන් පසුව පහළ වූ නිසාද පුරේජාත නිඃශ්‍රය වේ. )ඉලෙක්ට්‍රෝනය පැවතීමට එකම හේතුව නම් අවකාශය නොවේ. ඉලෙක්ට්‍රෝනය තරම් වූ ඉතා කුඩා අවකාශයක් තුළ ශුද්ධාෂ්ටක ඒක රාශී වී සන්යුක්ත වී ඉලෙක්ට්‍රෝනය නිර්මාණය වේ. මෙලෙස එක් වීමට ප්‍රත්ය රැසකි. රූප හට ගැනීම කර්මජ , චිත්තජ , ආහාරජ හා උතුජ යන ක්‍රම හතරෙන්ම හැකිය. 

ඉලෙක්ට්‍රෝනයේ පමණක් ඇති රූප කලාපයන් සලකා බැලූ කල්හි ඒවා ශක්තියෙ ඝනීභවනය වීමක් ලෙස වර්තමාන දැනුම අනුව සලකා ගත හැකිය. මන්ද නූතන විද්‍යාව අනුව එය මූලික අංශුවකි.එහි සංඝටක පිළිබද නූතන විද්‍යාවෙන් පැහැදිළි නොවේ.එය ආහාර ප්‍රත්‍ය ,කර්ම ප්‍රත්‍ය  ප්‍රධානවූ ප්‍රත්‍ය රැසකින් සෑදුණු ගතික අංශුවකි.
ඉලෙක්ට්‍රෝනයේ පැවැත්ම සදහා එය පවතින අවකාශයේ ඇති අන්‍ය අංශූන් ද ප්‍රත්‍ය වේ. ප්‍රෝටෝන නොමැති නම් ඉලෙක්ට්‍රෝනය පරමාණුවක් තුළ නොපවතී. කාක්ෂිකද නොමැත. ධන ආරෝපිත වූ ප්‍රෝටෝනයේ ආකර්ෂන ශක්තිය නිසාම සෘණාරෝපිත ඉලෙක්ට්‍රෝනය ඒ ආශ්‍රයේ පවත්වා ගනී. න්‍යශ්ටියේ ඇති ප්‍රෝටෝන වලට ඉලෙක්ට්‍රෝන පවත්වා ගත හැකිය. ඉලෙක්ට්‍රෝන වලින් ප්‍රෝටෝනයට පැවැත්මට විශේෂ ආධාරයක් නොකරයි. මෙය ප්‍රෝටෝනය අධිපති ප්‍රත්‍ය ලෙස ඉලෙක්ට්‍රෝනයට පැවතීමට් උපකාර වන අවස්ථාවකි.ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන සංයුක්තයේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියෙන් පරි බාහිරට නොයන්නේ ප්‍රෝටෝන වල අධිපති ප්‍රත්‍යයෙනි. 

ඉලෙක්ට්‍රෝනය යම් ස්ථානයක සසම්භාවි පැවැත්මද එහිම ස්වභාවයකි. එය අන්‍ය වස්තූන්ගෙන් වෙනස් වන්නේ එනිසාය. එය නිශ්චිතව එක් ස්ථානයක නොපවතී. එක් උප කාක්ෂිකයක් ගත් කල්හි එකක් තුළ ඉලෙක්ඨ්‍රොන 2ක් තිබිය හැකිය නමුත් කිසි කලෙක ඒවායේ බැමුම එකම දිශාවට නොතිබිය හැකිය. මෙය පවුලි බහිෂ්කාර මූල ධර්මය නම් වේ.මෙය ඉලෙක්ට්‍රොන මෙන්ම සියලු ෆර්මියෝන වලට සාධාරණය. නමුත් බෝසෝන වලට ඒ ආකාරයෙන් එකම බමණත පැවතිය හැකිවේ. මීට හේතුව නම් ඒවා සෑදීමට ශුද්ධාශ්ඨක සංවිධානය වූ ආකාරයේ විවිධත්වයයි. මෙය සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය නම් වේ. ශුද්දාෂ්ටක එක් වීමේදී එක් වන පිළිවෙල අනුව සෑදෙන්නේ ෆර්මියෝනයක්ද බෝසෝනයක්ද ‍යයි තීරණය වේ. ඉලෙක්ඨ්‍රෝන දෙකක් පමණක් එකට පැවතීමට අවකාශය පරිච්ඡේද වීම හේතු වේ. තවද අවකාශය පැවතීම අස්ති ප්‍රත්‍ය ලෙසද දායක වේ . මුළු මහත් පරමාණුවම පැවතීමට අවකාශය අස්ති ප්‍රත්‍ය ලෙස ප්‍රත්‍ය වේ.කාක්ෂිකයක උපකාක්ශික කීපයක් තිබේ . p කාක්ෂික වල 3කි. මේවායේ ඉලෙක්ට්‍රෝන පිරීමේදී බමණත සමාන්තර වන පරිදි පිරිය යුතුය. බමණත අස්මානව පිරීමට නොහැක.මෙහිදී දෙවන ඉලෙක්ට්‍රෝනය පවතින ආකාරය . එය බමණ දිශාව පළමුව පිරුණු ඉලෙක්ට්‍රෝනය මගින් තීරණය වේ. මෙය අන් කිසිවක් නොව අනන්තර හා සමනන්තර ප්‍රත්‍යයයි.මුල් ඉලෙක්ට්‍රෝනය දෙවන ඉලෙක්ට්‍රෝනයට ප්‍රත්‍ය වේ.එය තුන් වැන්නට ප්‍රත්‍ය වේ.



එසේම ඉලෙක්ට්‍රෝනයක් කාක්ෂිකයක තනිව පැවතීම අස්ථායී වේ. බමණත ප්‍රති විරුද්ධ ඉලෙක්ට්‍රෝණ දෙකක්  එක්ව පැවතීම ස්ථායී සන්කීර්ණ බිහිකරයි. මෙලෙස සිදුවන්නේ එකම ආකාරයේ ඉලෙක්ට්‍රෝන අතර අන්න්‍යෝන්‍ය ප්‍රත්‍යයෙනි.

ඉලෙක්ට්‍රෝන පැවතීමට ප්‍රෝටෝන දායක වන බව පළමුව කියන ලදී. ප්‍රෝටෝන රැසක් එකර න්‍යශ්ටිය තුළ පවතින්නේ කෙසේද. සියල්ල ධන ආරෝපිත් අංශු වන නිසා ඒවා විසිර යා යුතුය නමුත් නියුට්‍රෝන මගින් මෙය පාලනය වේ. නියුට්‍රොන් ප්‍රෝටෝන වලට වඩා මදක් බරින් වැඩිය.ඊට හේතුව ප්‍රෝටෝන වලට වඩා යම් ශුද්ධාශ්ටක ප්‍රමානයක් එහි වැඩි බැවිනි.මෙය ඇති වන්නේ තවත් අංශු වර්ගයක් නිසාය. ඒවනම් මීසෝනයි. මීසෝන නියුට්‍රෝන වල සිට ප්‍රෝටෝන වලට ශීඝ්‍රයෙන් ගමන් කරයි. එසැනින් ප්‍රෝටෝනය නියුට්‍රෝනයක් වී නියුට්‍රෝනය ප්‍රෝටෝනයක් වේ.නියුට්‍රෝන ප්‍රෝටෝන මීසෝන වල අන්‍යෝන‍ය ප්‍රත්‍ය නිසා න්‍යෂ්ටිය  ඉතා කුඩා අවකාශයක ස්ථාවරව පවතී. 

පරමාණුවක පවතින ප්‍රධාන අංශු වල පැවැත්ම සළකා බලන කල්හි . එහි පැවැත්ම පට්ඨානයට පටහැනි නොවන බව වැටහෙනු ඇත. පරමාණුවේ පැවැත්ම පට්ඨානයට පටහැනි නොවන කල පරමාණු වලින් සෑදුණු සියළු පදාර්ථ ද පට්ඨානයට අනුකූලවම පවත්නා බවත්. එපරිදිම හේතු ප්‍රත්‍යයන් සංයුක්ත වන බවත් වටහා ගැනීම පහසුය.

No comments:

Post a Comment